Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අන්තර් සමාජ නැඟී එන කණ්ඩායම් අතර තරගාවලියේ සති 4 ක් අවසන් වන විට ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ තව දුරටත් රැකගැනීමට ගැනීමට මූවර්ස්, එන්.සී.සී, ද්‍රවිඩ සංගමය සහ කෝල්ට්ස් කණ්ඩායම් සමත්විය.
මූවර්ස් පිල ‘ඒ’ කාණ්ඩයෙන්ද, එන්.සී.සී පිල ‘බී’ කාණ්ඩයෙන්ද, ද්‍රවිඩ සංගම් පිල ‘සී’ කාණ්ඩයෙන් සහ කෝල්ට්ස් පිල ‘ඩි’ කාණ්ඩයෙන් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ පසුවන්නේය.
‘බී‘ සහ ‘සී’ කාණ්ඩයන්හී මූලික වටයේ තරග මාර්තු 27 වැනිදා අවසන් වන අතර ‘ඒ’ සහ ‘ඩි’ කාණ්ඩයන්හී මූලික වටයේ තරග අප්‍රේල් 3 වැනිදා අවසන් වේ.
ඒ ඒ කාණ්ඩයන්හී ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගන්න කණ්ඩායම් 4 අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගනිති.
‘බී‘ සහ ‘සී’ කාණ්ඩයන්හී ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගන්නා කණ්ඩායම් දෙක අතර පළමු අවසන් පූර්ව තරගය අප්‍රේල් 1 වැනිදා සිට 3 වැනිදා දක්වා පැවැත්වෙන අතර ‘ඒ’ සහ ‘ඩි’ කාණ්ඩයන්හී ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගන්නා කණ්ඩායම් දෙක අතර දෙවැනි අවසන් පූර්ව තරගය අප්‍රේල් 8 වැනිදා සිට 10 වැනිදා දක්වා පැවැත්වේ.
අවසන් පූර්ව තරගයන්හී ජයග්‍රාහකයන් අතර අවසන් මහා තරගය අප්‍රේල් මස 22 වැනිදා සිට 24 වැනිදා දක්වා පැවැත්වේ. අවසන් තරග පැවැත්වෙන ස්ථාන නිවේදනය කර නොමැත.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.