Last Update  :  2025-03-19 11:05:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket මූවර්ස් - යුද හමුදාව පෙරමුණට

මූවර්ස් - යුද හමුදාව පෙරමුණට

editorial - 2022 ජුනි මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(රොෂාන් ගුණරත්න)

අන්තර් ක්‍රීඩා සමාජ එක්දින ක්‍රිකට් තරගාවලියේ දින දෙකක් අවසන් වනවිටදී ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට ‘ඒ’ කාණ්ඩයෙව් මූවර්ස් පිලත්, ‘බී’ කාණ්ඩයෙන් යුදහමුදා පිලත් සමත්විය.

එක් කාණ්ඩයකට කණ්ඩායම් 13 බැගින් කාණ්ඩ දෙකක් යටතේ කණ්ඩායම් 26 ක් තරගාවලියට සහභාගි වෙති.

‘ඒ’ කාණ්ඩයෙන් තරග දෙක බැගින් සහභාගිවී ඇති මූවර්ස් සහ ද්‍රවිඩ සංගම් පිල ලකුණු 6 බැගින් සම ප්‍රසාද ලකුණු ලබා සිටියද ශුද්ද ලකුණු වේගය මත මූවර්ස් පිල ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට පැමිණ ඇත. ‘බී’ කාණ්ඩයෙන් යුද හමුදා සහ බී.ආර්.සී කණ්ඩායම්ද ලකුණු 6 බැගින් සම ප්‍රසාද ලකුණු ලබා සිටියද ශුද්ද ලකුණු වේගය මත ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට යුද හමුදා පිල සමත්වී ඇත.


අදහස් (0)

මූවර්ස් - යුද හමුදාව පෙරමුණට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.