Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(දමින්ද විජේසූරිය)
මෙල්බර්න් ක්‍රීඩාංගණයට දිගින් දිගටම ඇදහැළෙමින් පැවැති වර්ෂාව හේතුවෙන් එංගලන්තය සහ ඕස්ට්‍රේලියාව අතර අද (28 වැනිදා) පැවැත්වීමට නියමිතව තිබූ ලෝක කුසලාන තරගයත් සම්පූර්ණයෙන්ම අතහැර දැමීමට සිදුවිය.
පස්වරු 6.30 ට කාසියේ වාසිය උරගා බැලීමට නියමිතව තිබුණද, එය ප්‍රමාද කිරීමට ක්‍රිස් බ්‍රවුන් සහ ජොයෙල් විල්සන් විනිසුරුවරු දෙදෙනාත්, තරග තීරක රන්ජන් මඩුගල්ලේ මහතාත් තීරණය කළහ. රාත්‍රී 7.30 ට, රාත්‍රී 8.15 ට සහ අවසන් වතාවට රාත්‍රී 8.45 ට ක්‍රීඩාංගණය පරීක්‍ෂා කළ විනිසුරුවරු තරගය අතහැර දැමීමට තීරණය කළහ.
අඩුතරමේ දෙපිලටම ඕවර 5 ක් පමණක් සීමාවූ තරගයක් ක්‍රීඩා කිරීමටත්, රාත්‍රී 9.46 ට පෙර තරගය ආරම්භ විය යුතුව තිබිණ. එහෙත් තරගය අතහැරදැමීම නිසා දෙපිලටම ප්‍රසාද ලකුණක් බැගින් බෙදී ගියේය.
මෙල්බර්න් ක්‍රීඩාංගණයේදීම අද පස්වරුවේදී පැවැත්වීමට නියමිතව තිබූ අයර්ලන්ත - ඇෆ්ඝනිස්තානු තරගයත් සම්පුර්ණයෙන්ම වර්ෂාවට සේදී ගිය බැවින්, දෙපිලටම ප්‍රසාද ලකුණක් බැගින් හිමිවිය.
මෙල්බර්න් අහසත් හිරුත් අතර අමනාපයක් ඇතිවා සේය. දින දෙකකින් මෙල්බර්න් ක්‍රීඩාංගණය දිහා බලන්නට මෙල්බර්න් අහස හිරුට අවසර දී නැත.
එංගලන්ත - ඕස්ට්‍රේලියා තරගයට පෙර එංගලන්ත පිලේ හිටපු නායකයකු මෙන්ම සුප්‍රකට රූපවාහිනී විස්තර විචාරක නසාර් හුසේන් කීවේ “අපට ඇත්තේ බලාපොරොත්තුවක් විතරයි” කියාය. එහෙත් එම බලාපොරොත්තුවත් කඩවී තිබිණ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.