Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා යොවුන් පිල නියෝජනය කළ නුවනිඳු ප්‍රනාන්දුගේ දස්කම් වලින් දීප්තිමත් වූ 70 වැනි මොරටු රන් හටන මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේදී අද (16 වැනිදා) සවස ජය පරාජයෙන් තොරව නිමා විය. තරගය අවසන් වන විට සිය දෙවැනි ඉනිම වෙනුවෙන් පන්දුවට පහර දෙමින් සිටි වේල්ස් කුමර විදුහල් කණ්ඩායම කඩුලු 3 ක් දැවී 51 ක් ලබා සිටියේය.
මෙම තරගය වෙනදාට වඩා මන්දගාමී ස්වභාවයක් ගත්තේ වේල්ස් කුමර විදුහලේ මුල් ඉනිම 79 වැනි ඕවරය දක්වාත්, ශාන්ත සෙබස්තියන් විදුහලේ පළමු ඉනිම 87 වැනි ඕවරය දක්වාත් ඇදී ගිය බැවිනි. ඉනිම දෙකේදීම දස්කම් දැක්වූ නුවනිඳු ප්‍රනාන්දු රන් හටන ඉතිහාසයේ පළමු වැනි කඩුලු ත්‍රිත්වය තමන් සතුකරගත් අතර ලකුණු 44 කට කඩුලු 4 ක් දවාගැනීමෙන් පසුව සෙබස්තියන් පිල වෙනුවෙන් අලංකාර ශතකයක්ද ලබාගත්තේය.
නුවනිඳු මුහුණ දුන් පන්දු 202 න් 12 ක් හතරේ සීමාවෙන් එපිටට යැවුණු අතර ඉන් එකක් හයේ පහරක් විය.
සෙබස්තියන් පිලේ පළමු කඩුල්ල ඊයේ සවසම දැවී ගිය නමුත් දුනිත් ජයතුංග සමග එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 55 ක සම්බන්ධතාවක් ගොඩනැංවූ නුවනිඳු, අංක 4 පිතිකරුවා වන සුඛිත ප්‍රසන්න සමග එක්ව සිව්වැනි කඩුල්ල වෙනුවෙන් තවත් ලකුණු 54 ක සම්බන්ධතාවක් ගොඩනැංවීය. සිව්වැනි කඩුල්ලේ ලකුණු 54 ක සම්බන්ධතාවට නුවනිඳුගේ දායකත්වය ලකුණු 42 ක් විය. වමතින් පා දඟ පන්දු යවන කෞමාල් නානායක්කාර ලකුණු 79 කට කඩුලු 4 ක් දවාගත්තේය.
තරගයේ වීරයා වශයෙන් නුවනිඳු ප්‍රනාන්දු සම්මාන දිනගාත්තේය.
වේල්ස් කුමර විදුහල - පළමු ඉනිම සියලු දෙනා දැවී 194 යි
(දිනුර ප්‍රනාන්දු 44, සුවත් මෙන්ඩිස් නොදැවී 78 යි, බිහඟ මෙන්ඩිස් 21/2, ප්‍රවීන් කුරේ 32/2, නුවනිඳු ප්‍රනාන්දු 44/4)
ශාන්ත සෙබස්තියන් විදුහල - පළමු ඉනිම කඩුලු 8 ක් දැවී 220 යි
(දුනිත් ජයතුංග 25, නුවනිඳු ප්‍රනාන්දු 102, බිහඟ මෙන්ඩිස් 34, ප්‍රවීන් කුරේ 23, නදුක ප්‍රනාන්දු 50/2, කෞමාල් නානායක්කාර 79/4)
වේල්ස් කුමර විදුහල - දෙවැනි ඉනිම කඩුලු 3 ක් දැවී 51
(විනුජ රන්තුල් 32, තෂීක් පෙරේරා 12/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.