Last Update  :  2025-04-02 12:40:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket මොරටු විදුහල ලකුණු 30 ක් ඉදිරියෙන්
73 වැනි රන් හටන

මොරටු විදුහල ලකුණු 30 ක් ඉදිරියෙන්

editorial - 2025 මාර් මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

පානදුර ශ්‍රී සුමංගල විදුහල සහ මොරටු විදුහල අතර 73 වැනි වරටත් පැවැත්වෙන රන් හටනේ දෙවැනි දිනයේදී මොරටු විදුහල ලකුණු 30 ක් ඉදිරියෙන් සිටින නමුත් ඔවුන් අත ඇත්තේ කඩුලු 6 කි. මොරටුව ටිරෝන් ප්‍රනාන්දු ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තුන්දින තරගයේ දෙවැනි දිනය වන අද (29 වැනිදා) සවස ක්‍රීඩාව නතර කරන විට මොරටු විදුහල සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලු 4 ක් දැවී ලකුණු 87 ක් ලබා සිටියේය. 

අසුබවාදී පිතිහරඹයට කදිම නිදර්ශනයක් සැපයූ මොරටු විදුහල් පිතිකරුවෝ මෙම ලකුණු 87 ලබාගැනීම සඳහා ඕවර 38 ක් කා දැමූහ. මොරටු විදුහල් පිතිකරුවන්ගේ ලකුණු ලබාගැනීමේ වේගය ලකුණු 2 කට වඩා යාන්තමින් වැඩි වී තිබිණ. 

තුන්දින තරගයක් වන මෙම තරගයේ ආරම්භක දිනයේදී ඕවර 90 ක් පුරා දෙපිලේම පිතිකරුවෝ තට්ටු අල්ලමින් කාලය කා දැමූහ. පළමු දිනයේදී ඕවර 57 ක් පුරා පන්දුවට පහර දුන් මොරටු විද්‍යාලයීය පිතිකරුවෝ ලකුණු 87 කට දැවී ගියහ. දිනයට නියමිත ඉතිරි ඕවර 33 දී ශ්‍රී සුමංගල පිතිකරුවන් තිදෙනකු දැවී ලබාගත්තේ ලකුණු 51 ක් පමණි. 

ශ්‍රී සුමංගල විදුහල ලකුණු 144 කට දැවී ගිය අතර පන්දු 123 කට මුහුණ දුන් රුසිත් ජයවර්ධන ලකුණු 53 ක් ලබාගත්තේ තම ඉනිමට හතරේ පහර 3 ක් ඇතුළත් කරමිනි. 
මොරටු විදුහල් නායක ඉසුරු නිදර්ශන, තමාත් ඇතුළුව පන්දු යවන්නන් 8 දෙනකු කැඳවූ නමුත් සුමංගල මුල් ඉනිම ඕවර 82 ක් පුරා දිග්ගැස්සී ගියේය. සුමංගල ඉනිමේදීත් ලකුණු වේගය වාර්තා වූයේ ඕවරයකට ලකුණු 2 ටත් අඩුවෙනි. 


මොරටු මහ විදුහල - පළමු ඉනිම 87 යි
(විසල් සිරිවර්ධන 13, ෂෙහාර ප්‍රනාන්දු 27, සිතුම් සිල්වා 20, සදෙව් හෙට්ටිආරච්චි 33/3, මෙවිඳු කුමාරසිරි 28/5)

ශ්‍රී සුමංගල විදුහල - පළමු ඉනිම 144 යි
(ඩුරංක සිල්වා 15, සන්දීප් විජේරත්න 18, රුසිත් ජයවර්ධන 53, බිහංග සිල්වා 16, අදීශ සෙනෙවිරත්න 37/3, නිසිත ප්‍රනාන්දු 35/2, ඉසුරු නිදර්ශන 25/3)

මොරටු මහ විදුහල - දෙවැනි ඉනිම කඩුලු 4 ට 87 යි
(ඉසුරු නිදර්ශන 25, විසල් සිරිවර්ධන 12, අදීශ සෙනෙවිරත්න නොදැවී 36, සදෙව් හෙට්ටිආරච්චි 34/2, බිහංග සිල්වා 14/2)


අදහස් (0)

මොරටු විදුහල ලකුණු 30 ක් ඉදිරියෙන්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.