Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(රොෂාන් ගුණරත්න)
රොෂේන් සිල්වා (නොදැවී 174) ශතකයක් ලබාගනිමින් පිත්තෙන් දස්කම් දැක්වුවද හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (27 වැනිදා) අවසන් වූ නැෂනල් සුපර් ලීග් තරගාවලියේ දෙවැනි තරගයේදී (පළමු පෙළ) පළමු ඉනිමේ පරාජයක් කොළඹ කණ්ඩායමට හිමිවිය.
තෙවැනි දිනට ඊයේ (26 වැනිදා) තරගය අවසන් කරන විට සිය පළමු ඉනිම සඳහා ලකුණු 309 කට කඩුලු 8 ක් අහිමිකරගෙන සිටි කොළඹ කණ්ඩායමට අද දිනයේදී රැස්කිරිමට හැකිවූයේ තවත් ලකුණු 51 ක් පමණි.
ඉනිම අවසන්වන තෙක් නොදැවී කඩුල්ලේ රැඳී සිටි රොෂේන් සිල්වා පන්දු 259 කට මුහුණදෙමින් හතරේ පහර 19 ක් සමගින් ලකුණු 174 ක් ලබාගනිමින් පිත්තෙන් දස්කම් දැක්වීය.
ලකුණු 195 ක් ඉදිරියෙන් සිටිමින් සිය දෙවැනි ඉනිම ඇරඹූ යාපනය කණ්ඩායම තරගය අවසන් කරන විට කඩුලු 5 ක් දැවී ලකුණු 217 ක් රැස්කර සිටියේය. ඒ අනුව ඔවුන් ලකුණු 412 ක් ඉදිරියෙන් පසුවිය.
පළමු ඉනිමේදී අර්ධ ශතකයක් ලබාගනිමින් පිත්තෙන් දස්කම් දැක්වූ නායක සදීර සමරවික්‍රමට දෙවැනි ඉනිමේදී ද ඉතා අවාසනාවන්ත ලෙස ශතකය පෙනි පෙනී එය අහිමිව ගියේය. පන්දු 118 ක් පුරා පන්දුවට පහරදුන් සදීර හතරේ පහර 11 ක් සමගින් ලකුණු 96 ක් ලබාගත්තේය.
යාපනය පළමු ඉනිම - සියලුදෙනා දැවී 555
(නවෝද් පරණවිතාන 77, සමින්ද ප්‍රනාන්දු 141, සධීර සමරවික්‍රම 58, කල්හාර සේනාරත්න 29, දුනිත් වෙල්ලාලගේ 74, සංතුෂ් ගුණතිලක 61, ගීත් කුමාර නොදැවී 63, ප්‍රභාත් ජයසූරිය 169/6, ළහිරු මදුශංක 69/2, සම්මු අෂාන් 62/2)
කොළඹ පළමු ඉනිම - සියලුදෙනා දැවී 360
(නුවනිඳු ප්‍රනාන්දු 28, රොෂේන් සිල්වා නොදැවී 174, අෂේන් බණ්ඩාර 28, ක්‍රිෂාන් සංජුල 35, නිසල තාරක 38, කසුන් මදුශංක 36/2, කල්හාර සේනාරත්න 44/2, දුනිත් වෙල්ලාලගේ 117/2)
යාපනය දෙවැනි ඉනිම - කඩුලු 5 ක් දැවී 217
(නිෂාන් මදුෂ්ක 40, සමින්ද ප්‍රනාන්දු 29, සදීර සමරවික්‍රම 96, සංතුෂ් ගුණතිලක නොදැවී 29, අෂේන් බණ්ඩාර 25/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.