Last Update  :  2025-04-07 12:50:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket යාපනය ඉදිරියට ආවත් විසඳුම තව දුරයි
එන්.එස්.එල්. - 2025

යාපනය ඉදිරියට ආවත් විසඳුම තව දුරයි

editorial - 2025 අප්‍රේ මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

දුනිත් වෙල්ලාලගේ (68) සහ රමේෂ් මෙන්ඩිස් (124) දෙදෙනාගේ සම්බන්ධතාව නිසා ගාල්ල ක්‍රීඩකයන් ලකුණු 66 ක මුල් ඉනිමේ වාසියන් අත්කරගත් නමුත් දෙවැනි ඉනිමේදී සාර්ථක පිතිහරඹයකට වන් යාපනය පිතිකරුවෝ ගාල්ලේ වාසිය අකාමකා දැමූහ. සූරියවැව දී පැවැත්වෙන ජාතික සුපර් ලීග් කුසලාන (පළමු පෙළ) තරගයේ තුන්වැනි දිනය වන අද (5 වැනිදා) සවස ක්‍රීඩාව නතර කරන විට සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලු 2 කට ලකුණු 135 ක් ලබාගෙන සිටි යාපනය ක්‍රීඩකයෝ ගාල්ලට වඩා ලකුණු 69 ක් ඉදිරියට පැමිණ සිටියහ. 

යාපනය දෙවැනි ඉනිමේදී දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 97 ක සම්බන්ධතාවක් ගොඩනැංවූ ෂෙවොන් ඩැනියෙල් සහ තනුක දාබරේ දෙදෙනාගෙන් දාබරේ ලකුණු 44 කට දැවී ගියේය. එහෙත් නොදැවී සිටින ෂෙවොන්ට ශ්‍රී ලංකා ටෙස්ට් පිලේ හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් එක්ව සිටී. 

කෙසේ වෙතත් තවමත් ඉතිරිව ඇත්තේ තරගයේ එක දිනයකි. එබැවින් කිසියම් පන්දු යවන්නකු සුවිශේෂී ආකාරයෙන් ක්‍රියාත්මක වූවොත් හැර, මෙම තරගයේ තීරණය බොහෝ දුර ඈත තිබෙන්නකි.

සිව්දින පළමු පෙළ තරගාවලියක් වන මෙම තරගාවලියේ මෙතෙක් තරග පැවැති සති අන්ත තුනේදීම අපරාජිතව සිටින ගාල්ල කණ්ඩායම, තරග දෙකකට පමණක් සහභාගි වෙමින්, ප්‍රසාද ලකුණු පුවරුවේ පෙරමුණ ගෙන සිටී. 

ඊයේ සවස තරගය නතර කරන විට කඩුලු 6 කට ලකුණු 260 ක් ලබා සිටි ගාල්ල කණ්ඩායමේ දුනිත් වෙල්ලාලගේ අද උදෑසනින්ම දැවී ගියේය. එහෙත් රමේෂ් මෙන්ඩිස්ගේ ශතකය නිසා ගාල්ල කණ්ඩායමට ලකුණු 66 ක මුල් ඉනිමේ වාසියක් ලබාගත හැකිවිය. ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ සිටින ප්‍රධානතම පිට දඟ පන්දු යවන්නා වූවත්, රමේෂ් මෙන්ඩිස් අද සිය 12 වැනි පළමු පෙළ ශතකය සම්පූර්ණ කරමින් පළමු පෙළ ලකුණු 5000 සීමාවත් පසුකර ගියේය. 

2025 ජාතික සුපර් ලීග් තරගාවලියේදී ඔහු ලබාගත් දෙවැනි ශතකය මෙයයි. 

 

යාපනය පළමු ඉනිම - සියලු දෙනා දැවී 305 යි
(ෂෙවොන් ඩැනියෙල් 56, තනුක දාබරේ 81, ඇන්ජලෝ මැතිව්ස් 52, ජනිත් ලියනගේ 28, නිරෝෂන් දික්වැල්ල 11, චාමික කරුණාරත්න 35, නිමේෂ් විමුක්ති 16, දිලුම් සුධීර 60/5)

ගාල්ල පළමු ඉනිම - සියලු දෙනා දැවී 371 යි
(ඕෂධ ප්‍රනාන්දු 62, නිපුන් ධනංජය 14, දිනේෂ් චන්දිමාල් 40, දුනිත් වෙල්ලාලගේ 68, රමේෂ් මෙන්ඩිස් 124, සිතුම් දිසානායක 57/3, චාමික කරුණාරත්න 100/2, අසංක මනෝජ් 59/3, නිමේෂ් විමුක්ති 65/2)

යාපනය දෙවැනි ඉනිම - කඩුලු 2 ට 135 යි
(රවිඳු රසන්ත 20, ෂෙවොන් ඩැනියෙල් නොදැවී 65, තනුක දාබරේ 44)


අදහස් (0)

යාපනය ඉදිරියට ආවත් විසඳුම තව දුරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.