Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
හේෂාන් හෙට්ටිආරච්චිගේ විශිෂ්ට පන්දු යැවීම හමුවේ අන්තර් සමාජ විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබාගැනීමට යුදහමුදා පිල අද (16 වැනිදා) සමත්විය.
සී.සී.සී ක්‍රීඩාංගණයේදී පැවැති දෙවැනි අර්ධ අවසන් පූර්ව තරගයේදී මීගමුව පිලට එරෙහිව ලකුණු 6 ක ජයක් හිමිකර ගැනීමට යුදහමුදා පිලත් සමත්විය.
මීගමුව පිලේ මාධව වර්ණපුර අර්ධ ශතකයක් ලබාගනිමින් පිත්තෙන් දස්කම් දැක්වූවද ජයග්‍රහණයට එය ප්‍රමාණවත් නොවීය.
යුදහමුදා පිලේ හේෂාන් හෙට්ටිආරච්චි සිය ඕවර 4 ලකුණු 38 කට සීමාකරමින් කඩුලු 5 ක් දවාගැනීමට සමත්විය.
මේ මස 18 වැනිදා අවසන් පූර්ව තරග එන්.සී.සී ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු යොදා ඇත. සී.සී.සී සහ එස්.එස්.සී කණ්ඩායම් අතර පළමු අවසන් පූර්ව තරගය පැවැත්වෙන අතර යුදහමුදා සහ කුරුණෑගල යොවුන් කණ්ඩායම් අතර දෙවැනි අවසන් පූර්ව තරගය පැවැත්වේ.
අවසන් මහා තරගය මේ මස 20 වැනිදා එස්.එස්.සී ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව ඇත.
යුදහමුදාව - ඕවර 20 කදී කඩුලු 5 ක් දැවී 164
(තුලින දිල්ශාන් 39, සීකුගේ ප්‍රසන්න 24, හිමාෂ ලියනගේ නොදැවී 33, දිල්ශාන් මුණවීර 20/2, රොස්කෝ තටිල් 34/2)
මීගමුව - ඕවර 20 කදී කඩුලු 9 ක් දැවී 158
(දිල්ශාන් මුණවීර 59, මාධව වර්ණපුර 55, හේෂාන් හෙට්ටිආරච්චි 38/5, සීකුගේ ප්‍රසන්න 23/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.