Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(රොෂාන් ගුණරත්න)
අන්තර් ක්‍රීඩා සමාජ විස්සයි20 තරගාවලියේ අද (2 වැනිදා) පැවැති තියුණු තරග දෙකකින් පසුව අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබාගැනීමට සැරසන්ස් සහ යුදහමුදා කණ්ඩායම් සමත්විය.
මූවර්ස් පිලට එරෙහිව පී.සරා ඕවල්හිදී උදෑසන පැවැති තරගයෙන් කඩුලු 7 ක ජයක් හිමිකර ගැනීමට යුදහමුදා පිල සමත්වූ අතර සී.සී.සී පිලට එරෙහිව එම ක්‍රීඩාංගණයේදී සවස පැවැති තරගයෙන් ඩක්වත් ලුවිස් න්‍යාය අනුව කඩුලු 5 ක ජයක් හිමිකර ගැනීමට සැරසන්ස් පිල සමත්විය.
තවත් තරග 4 ක් එස්.එස්.සී සහ සී.සී.සී ක්‍රීඩාංගණ වලදී පැවැති අතර එහිදී ගාල්ල, ඒස් කැපිටල්, ගුවන් හමුදාව සහ කළුතර නාගරික කණ්ඩායම් ජයග්‍රහණ වාර්තා කිරීමට සමත්වූහ.
චතුරංග ද සිල්වා (මූවර්ස්), දිනේෂ් චන්දිමාල් (යුදහමුදාව) සහ ගිහාන් රූපසිංහ (බදුරලිය) අර්ධ ශතක ලබාගනිමින් පිත්තෙන් දස්කම් දැක්වූහ.
යුදහමුදා පිලට කඩුලු 7 ක ජයක්
මූවර්ස් සහ යුදහමුදා කණ්ඩායම් අතර පී.සරා ඕවල් හිදී
මූවර්ස් - ඕවර 19.2 කදී සියලුදෙනා දැවී 131
(මොහොමඞ් ශමාස් 29, චතුරංග ද සිල්වා 61, සුමින්ද ලක්ෂාන් 37/3, ලක්ෂාන් ගමගේ 15/2, යශෝධ මෙන්ඩිස් 22/2)
යුදහමුදාව - ඕවර 16.4 කදී කඩුලු 3 ක් දැවී 132
(අශාන් රන්දික 39, දිනේෂ් චන්දිමාල් නොදැවී 53)
සැරසන්ස් පිලට කඩුලු 5 ක ජයක් (ඩක්වත් ලුවිස්)
සී.සී.සී සහ සැරසන්ස් කණ්ඩායම් අතර පී.සරා ඕවල්හිදී
සී.සී.සී - ඕවර 7 කදී කඩුලු 5 ක් දැවී 49
(අෂාන් ප්‍රියංජන් 23, මල්ෂ තරුපති 06/2)
සැරසන්ස් - ඕවර 6.1 කදී කඩුලු 5 ක් දැවී 50
(නවිඳු විතානගේ නොදැවී 16, විෂ්ව ප්‍රනාන්දු 04/2)
ගාලු පිලට ලකුණු 31 ක ජයක්
නාවික හමුදාව සහ ගාල්ල කණ්ඩායම් අතර සී.සී.සී ක්‍රීඩාංගණයේදී
ගාල්ල - ඕවර 19.3 කදී සියලුදෙනා දැවී 98
(රවිෂ්ක විජේසිරි 27, නුවන් ප්‍රියදර්ෂන 35, සචිත්‍ර සේනානායක 15/3, ඩිලන්ක අවඞ් 10/2)
නාවික හමුදාව - ඕවර 14.4 කදී සියලුදෙනා දැවී 61
(සචිත්‍ර සේනානායක 20, හරීන් බුද්දිල 12/4, රවිෂ්ක විජේසිරි 07/3)
ගුවන් හමුදා පිලට කඩුලු 4 ක ජයක්
ලන්කන් සහ ගුවන් හමුදා කණ්ඩායම් අතර සී.සී.සී ක්‍රීඩාංගණයේදී
ලන්කන් - ඕවර 12 කදී කඩුලු 7 ක් දැවී 48
(කසුන් අබේරත්න 12. මොවින් සුබසිංහ 09/3)
ගුවන් හමුදාව - ඕවර 11.5 කදී කඩුලු 6 ක් දැවී 52
(කළණ විජේසිරි 13, මිරංග වික්‍රමගේ 10/2, රජීව වීරසිංහ 08/2)
ඒස් කැපිටල් පිලට ලකුණු 92 ක ජයක්
බදුරලිය සහ ඒස් කැපිටල් කණ්ඩායම් අතර එස්.එස්.සී ක්‍රීඩාංගණයේදී
ඒස් කැපිටල් - ඕවර 20 කදී කඩුලු 6 ක් දැවී 181
(ලසිත් කෘස්පුල්ලේ 39, ශෙහාන් ප්‍රනාන්දු 43, ඕෂද ප්‍රනාන්දු නොදැවී 44, සකුණ ලියනගේ 28, ලසිඳු අරෝෂා 31/2, අනුක් ප්‍රනාන්දු 44/2)
බදුරලිය - ඕවර 20 කදී කඩුලු 8 ක් දැවී 89
(ගිහාන් රූපසිංහ නොදැවී 51, චානක දේවින්ද 12/3, නිම්සර අතරගල්ල 12/2, සිතුම් දිසානායක 23/2)
කළුතර නාගරික පිලට ලකුණු 4 ක ජයක් (ඩක්වත් ලුවිස්)
බ්ලූම්ෆීල්ඞ් සහ කළුතර නාගරික කණ්ඩායම් අතර එස්.එස්.සී ක්‍රීඩාංගණයේදී
කළුතර නාගරික - ඕවර 9.1 කදී කඩුලු 2 ක් දැවී 45
(විශාර ප්‍රනාන්දු 15, උස්මාන් ඉෂාක් 12/2)
බ්ලූම්ෆීල්ඞ් - ඕවර 8 කදී කඩුලු 7 ක් දැවී 48
(හසිත පෙරේරා 20, තරිඳු සිරිවර්ධන 07/2, ජනිඳු ඉඳුවර 15/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.