Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
යුනිස් ඛාන්ගේ (136) සහ මිස්බා උල් හක්ගේ (නොදැවී 105) සිවුවැනි කඩුල්ලේ සම්බන්ධතාව නිසා ශ‍්‍රී ලංකාව සහ පාකිස්තානය අතර තරග තුනකින් සමන්විත ටෙස්ට් ක‍්‍රිකට් තරගාවලියේ අබුඩාබිහි ෂේක් සයිඞ් ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී පැවැත්වෙන පළමු තරගයේ දෙවැනි දිනය වූ අද (01) පස්වරුවේ ක‍්‍රීඩාව නතර කරන විට පාකිස්තානු පිල පළමු ඉනිම වෙනුවෙන් කඩුලූ 4 ක් දැවී ලකුණු 327 ක් රැස්කරමින් ලකුණු 123 ක් ඉදිරියෙන් සිටියේය.
දෙවැනි දිනයේ ක‍්‍රීඩාව නතර කරන විට මිස්බා උල් හක් (නොදැවී 105) සහ අසාද් ශාෆික් (නොදැවී 12) පන්දුවට පහර දෙමින් සිටියහ.
නායක මිස්බා උල් හක් පන්දු 250 කදී හතරේ පහර 13 ක් සමගින් ලකුණු 105 ක් රැස්කර සිටියේය. මෙය මිස්බාගේ 5 වැනි ටෙස්ට් ශතකයයි.
යුනිස් ඛාන් සහ මිස්බා උල් හක් සිවුවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 218 ක සම්බන්ධතාවක් පවත්වමින් පාකිස්තානු පිල ශක්තිමත් තත්ත්වයකට පත්කිරීමට සමත් වූහ. මෙය පාකිස්තානය වෙනුවෙන් ශ‍්‍රී ලංකාවට එරෙහිව සිවුවැනි කඩුල්ලේ ඉහළතම සම්බන්ධතාව ද වේ.
යුනිස් ඛාන් මිනිත්තු 293 ක් කඩුල්ලේ රැදී සිටිමින් පන්දු 198 කදී හතරේ පහර 19 ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 136 ක් රැස්කර, ශාමින්ද එරංගගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීමෙන් දැවී ගියේය. මෙම ශතකය යුනිස් ඛාන්ගේ 23 වැනි ටෙස්ට් ශතකය වේ.
ලෝක ටෙස්ට් පිටියේ ශ‍්‍රී ලංකාවට එරෙහිව වැඩිම ලකුණු රැස්කළ ක‍්‍රීකයන් අතර දෙවැනි ස්ථානයේ පසු වන යුනිස් ඛාන් ශ‍්‍රී ලංකාවට එරෙහිව රැස්කළ 6 වැනි ශතකය මෙය වේ.
මිස්බා උල් හක් ලකුණු 76 ක් ලබා සිටියදී සුරංග ලක්මාල්ගේ පන්දුවකට කඩුල්ල මුවා කිරීමේ වරදට දවා ගැනීමේ අවස්ථාවක් උදාවුවත් එය විනිසුරු තීරණය විමසීමේ ක‍්‍රමවේදයට යොමු නොකිරීමට ඇන්ජලෝ මැතිව්ස් සහ සුරංග ලක්මාල් තීරණය කිරීමෙන් මග හැරුණි.
මිස්බා උල් හක් ලකුණු 69 ක් ලබා සිටියදී රංගන හේරත්ගේ පන්දුවකට ලබාදුන් පහසු උඩ පන්දුව පළමු ස්ලිප් ස්ථානයේ සිට ලෙග් ස්ලිප් ස්ථානයට දිවගිය මහේල ජයවර්ධන වෙතින් ගිලිහි යෑම දැඩි පාඩුවක් බවට පත්විය.
ආරම්භක පිතිකරු අහ්මඞ් ශෙෂාඞ් (38) ශාමින්ද එරංගගේ ඉහළ නැගි පන්දුවකට හුක් පහරක් ගැසීමට ගොස් දිමුත් කරුණාරත්න උඩ පන්දුවක් රැක ගැනීමෙන් දැවී යෑමත් සමග දිනයේ පළමු පැය අවසන් වන විට ලකුණු 83 ට කඩුලූ 3 ක් බවට පත්විය.
යොවුන් ක‍්‍රීඩක කෞෂාල් සිල්වා ෂෝට් කවර් ස්ථානයේ පන්දු රකිමින් රැකගත් අති විශිෂ්ට උඩ පන්දුව නිසා දෙවැනි දිනයේ පළමු කඩුල්ල ලෙස මොහොමඞ් හෆීෂ් ලකුණු 11 කට පිටියෙන් ඉවත් විය. හුරුබුහුටි ක‍්‍රීඩක කෞෂාල්ට වම් පැත්තට පැන සිය වම් අත සම්පූර්ණයෙන්ම දිගු කරමින් එම උඩපන්දුව ලබා ගැනීමට කඩුලූ රකින්නකු වීම වඩාත් ප‍්‍රයෝජනවත් විය.
මොහොමඞ් හෆීෂ් එක්දින තරගාවලියේදී ශතක තුනක් රැස්කරමින් තරගාවලියේ වීරයා වූ ක‍්‍රීඩකයා වන අතර ඔහු ලබාදුන් අපහසු අවස්ථාවෙන් ප‍්‍රයෝජන ගැනීමින් කෞෂාල්, ශ‍්‍රී ලංකා පිල පෙරමුණට ගත්තේය.
පාකිස්තානු පන්දු යවන්නෝ පළමු දිනයේදීම ශ‍්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 204 කට සීමා කිරීමට සමත් වූහ. පළමු දිනය වූ ඊයේ (31) ක‍්‍රීඩාව නතර කරන විට පාකිස්තානු පිල පළමු ඉනිම වෙනුවෙන් එක කඩුල්ලක් දැවී ලකුණු 46 ක් ලබා සිටියේය.
හෙට (02) තරගයේ තෙවැනි දිනයයි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.