Last Update  :  2025-04-02 12:40:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket යොවුන් ආසියානු කුසලාන 23 දා සිට

යොවුන් ආසියානු කුසලාන 23 දා සිට

editorial - 2021 දෙසැ මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

ආසියානු කි‍්‍රකට් සභාව සංවිධානය කරන වයස 19 න් පහළ යොවුන් ආසියානු කුසලාන කි‍්‍රකට් තරගාවලිය කණ්ඩායම් 8 ක සහභාගීත්වයෙන් මේ මස 23 වැනිදා සිට 31 වැනිදා දක්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වේ.

මූලික වටයේදී කණ්ඩායම් 4 බැගින් ‘ඒ’ සහ ‘බී’ ලෙස කාණ්ඩ දෙකකට බෙදී ලීග් ක‍්‍රමයට අනුව තරග වදින අතර මූලික වටය අවසානයේ කාණ්ඩ දෙකේ පළමු සහ දෙවැනි ස්ථාන හිමිකරගන්නා කණ්ඩායම් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබනු ඇත.
 
ඉන්දියාව, පාකිස්තානය, ඇෆ්ඝනිස්ථානය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය ‘ඒ’ කාණ්ඩය යටතේද, ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, නේපාලය සහ ක්වේට් රාජය්‍ය ‘බී’ කාණ්ඩය යටතේද තරග වැදීමට නියමිතය.

‘ඒ’ කාණ්ඩයේ සියලූ තරග අන්තර් ජාතික කි‍්‍රකට් විද්‍යායතනයේ ක‍්‍රීඩාංගණ දෙකකදී පැවැත්වේ. එක් තරගයක් හැරුණු කොට ‘බී’ කාණ්ඩයේ සෙසු තරග සියල්ල පැවැත්වීමට නියමිතව ඇත්තේ සාජා කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදීය.

තරගාවලියේ අවසන් පූර්ව තරග දෙක අන්තර් ජාතික කි‍්‍රකට් විද්‍යායතනයේ  ඕවල් 1 කී‍්‍රඩාංගණයේදී සහ සාජා කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙයි. අවසන් මහ තරගය 31 වැනිදා ඩුබායි ජාත්‍යන්තර කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.

මේ දක්වා පැවැති යොවුන් ආසියානු කුසලාන තරගාවලි 8 න් 7 කම ශූරතා දිනාගැනීමට ඉන්දියාව සමත්ව ඇති අතර 2012 වසරේදී ඉන්දියාව සමග සම ශූරතාව දිනාගැනීමට පාකිස්තානය සමත් විය. 2017 වසරේදී පැවැති තරගාවලියේ ශූරතාව දිනාගනු ලැබුවේ ඇෆ්ඝනිස්ථානය විසිනි.

ශ්‍රී ලංකාව සිවුවරක් (1989, 2003, 2016 සහ 2018) යොවුන් ආසියානු කුසලාන තරගාවලියේ අනු ශූරතාවට හිමිකම් කියා තිබේ. පාකිස්තානය දෙවරක්ද (2014 සහ 2017), බංග්ලාදේශය එක් වරක්ද (2019) එහි අනු ශූරතාවට හිමිකර ගෙන ඇත.


අදහස් (0)

යොවුන් ආසියානු කුසලාන 23 දා සිට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.