Last Update  :  2025-04-17 21:20:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket යොවුන් ක්‍රිකට් ක්‍රීඩකයකුට ලක්‍ෂයක් බැගින්

යොවුන් ක්‍රිකට් ක්‍රීඩකයකුට ලක්‍ෂයක් බැගින්

editorial - 2021 ඔක් මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

එළඹෙන ආසියානු කුසලාන සහ ලෝක කුසලාන තරගාවලීන් ඉලක්ක කරගනිමින් මේ දිනවල පුහුණුවීම්වල නිරතව සිටින ශ්‍රී ලංකා වයස 19 න් පහළ සංචිතයේ ක්‍රීඩකයන් 26 දෙනෙකුට රුපියල් ලක්ෂය බැගින් වූ දීමනා පිරිනැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් දීප ව්‍යාප්තව පවත්වන ලද දක්ෂයන් සෙවීමේ වැඩසටහන මගින් තෝරා ගැනීමෙන් පසුව පුහුණුවීම් සඳහා එම ක්‍රීඩකයන් දැක්වූ කැපවීම අගය කරමින් ඔවුන්ට මෙම මුදල් ත්‍යාග පිරිනමා තිබේ.

“අපේ කාලයේදී හැකියාවන් වැඩි දියුණු කරගැනීම සඳහා අවශ්‍ය පහසුකම් සහ අවස්ථාවන් තිබුණෙ නෑ. ඒත් දැන් තත්ත්වය ඊට වඩා වෙනස්. යොවුන් ක්‍රීඩකයන්ගේ හැකියාවන් වැඩි දියුණු කරගැනීම සඳහා ඉහළම පහසුකම් ලබාදීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු යොදා තියෙනවා.” යැයි ක්‍රිකට්  ආයතනයේ උප සභාපති රවීන් වික්‍රමරත්න මහතා එම අවස්ථාවට එක් වෙමින් පැවසීය.

“ශ්‍රී ලංකාවේ සෑම දිස්ත්‍රික්කයක් සහ සෑම පළාතක්ම ආවරණය වන පරිදි දිවයින පුරා පැවැත්වූ දක්ෂයන් සෙවීමේ වැඩසටහනකින් ඔබ සෑම දෙනාම 19 න් පහළ සංචිතයට තෝරාගෙන තිබෙනවා. මෙම අවස්ථාව ප්‍රයෝජනයට අරන් ජාතික මට්ටමට පැමිණීමට ඔබගේ හැකියාවන් වර්ධනය කරගන්නා ලෙස මම ඔබ සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා.” යැයි එහිදී වික්‍රමරත්න මහතා කියා සිටියේය.

කනිෂ්ඨ ක්‍රිකට් තේරීම් කටයුතු භාරව සිටින නිලධාරීන් විසින් තෝරා ගන්නා ලද ක්‍රීඩකයන් 75 දෙනෙකු අතරින් මෙම ක්‍රීඩකයන් 26 දෙනා තොරා ගනු ලැබ තිබේ. එම ක්‍රීඩකයෝ 26 දෙනා දින 22 ක් පුරා කොළඹ එස්.එස්.සී. ක්‍රීඩා සමාජය ආශ්‍රිතව ජෛව බුබුලක් තුළ පැවැති නේවාසික පුහුණු කඳවුරක්ද නිමා කළහ.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා, පාසල් ක්‍රිකට් සංගමයේ සභාපති තිලක් වත්තුහේවා, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ජාතික ක්‍රිකට් සංවර්ධන කමිටුවේ ප්‍රධානී ටිම් මැක්ස්කිල්, දේශීය ක්‍රිකට් කමිටුවේ ප්‍රධානී චින්තක එදිරිමාන්න යන මහත්වරු මෙම අවස්ථාවට සහභාගි වූහ.

සතියක පමණ විවේකයකින් පසුව මෙම ක්‍රීඩකයන් සියලු දෙනාම, බංග්ලාදේශ යොවුන් පිලේ ශ්‍රී ලංකා සංචාරයට ක්‍රීඩා කිරීමේ අටියෙන නැවතත් සංචිතගතව, ජෛව බුබුළකට එක්වනු ඇත.

-036

 


අදහස් (0)

යොවුන් ක්‍රිකට් ක්‍රීඩකයකුට ලක්‍ෂයක් බැගින්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.