Last Update  :  2025-03-15 20:16:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket යොවුන් පිල පිටත්ව යයි

යොවුන් පිල පිටත්ව යයි

editorial - 2023 දෙසැ මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(කටුනායක ටී.කේ.ජී.කපිල)

ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තහනමක් පනවා ඇති පසුබිමක , ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමක් සහභාගී වන ප්‍රථම ජාත්‍යන්තර තරගාවලිය වන , ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ ක්‍රිකට් කණ්ඩායම ඩුබායි හි පැවැත්වෙන ආසියානු ක්‍රිකට් ශූරතා තරගාවලිය සදහා අද (06) දින අලුයම කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව ගියහ.

ක්‍රීඩකයන් සහ නිලධාරීන් 27 දෙනෙකුගෙන් යුත් මෙම ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය කොළඹ රාජකීය විද්‍යාලයේ සිනෙත් ජයවර්ධන විසින් හොබවනු ලබයි.

කටුනායක ගුවන් තොටුපොළේ දී අදහස් දැක්වූ සිනෙත් ජයවර්ධන මෙසේ පැවසීය. ‘අපි හොඳ මානසිකත්වයකින් ඉන්නෙ . පසුගිය පකිස්තාන ඇතුළු තරගාවලි කීපයක්ම ජයග්‍රහණය කළා . ඒ වගේම පල්ලෙකැලේ සහ ගාල්ල ක්‍රීඩාංගණවල පුහුණු තරග කීපයකටම සහභාගි වුණා. මගේ කණ්ඩායම මට අවශ්‍ය සහාය හොදින් ලබා දෙන බවත් , ඒ අනුව මෙම ආසියානු ශූරතා තරගාවලිය ජයග්‍රහණය කිරීමට අපේක්ෂා කරන බවත් පැවසීය.

යොවුන් කණ්ඩායම සහභාගිවන පළමු තරගය මේ මස 09 වැනිදා ජපාන කණ්ඩායම සමග පැවැත්වීමට නියමිතය.


අදහස් (0)

යොවුන් පිල පිටත්ව යයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.