Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ගාල්ල රිච්මන්ඞ් විදුහල සහ මහින්ද විදුහල අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති 114 වැනි ‘ආදරවන්තයින්ගේ සටනේදී රිච්මන්ඞ් විදුහල් ක්‍රීඩකයෝ කඩුලු හයක ජයක් ලබාගත්හ. රිච්මන්ඞ් විදුහල වසර දෙකකට පසුව මහ තරගය ජය ලැබූ අතර අවසන් වරට 2015 වසරේ සිතාර ගිම්හාන්ගේ නාකත්වයෙන් රිච්මන්ඞ් විදුහල ජය ලබා තිබිණ.
තරගයේ දෙවැනි සහ අවසන් දිනය වූ අද (සෙනසුරාදා) පස්වරුවේ රිච්මන්ඞ් විදුහල් ක්‍රීඩකයෝ ලකුණු 215 ක ජයග්‍රාහි ඉලක්කය ඕවර 44.3 කදී කඩුලු හතරක් පමණක් දැවී සම්පූර්ණ කිරීමට සමත් වූහ. නායක තවීෂ අභිෂේක් ජයග්‍රහණයේ නියමුවා බවට පත්වෙමින් පන්දු 92 කදී හතරේ පහර අටක් සහ හයේ පහර දෙකක් සමගින් නොදැවී ලකුණු 99 ක් රැස්කිරීම කැපී පෙනුණි.
මහින්ද විදුහල කඩුලු නවයක් දැවී ලකුණු 161 ක් රැස්කර සිටියදී දෙවැනි ඉනිම අත්හිටුවා රිච්මන්ඞ් විදුහලට ජයග්‍රහණය සඳහා ඕවර 45 කදී ලකුණු 215 ක ඉලක්කයක් බාර දුන්නේය. හංසික වැලිහින්ද දෙවැනි ඉනිමේදී මහින්ද විදුහලට ලකුණු 71 ක් එකතු කළේය.
තරගයේ පළමු දිනය වූ ඊයේ (15) ක්‍රීඩාව අවසන් කරන කඩුලු හයක් දැවී ලකුණු 99 ක් ලබා සිටි රිච්මන්ඞ් විදුහලේ පළමු ඉනිම දිවා විවේකයට පෙර ලකුණු 144 කට සීමාවිය. ඒ අනුව මහින්ද විදුහල පළමු ඉනිමේදී 53 ක වාසියක් ලබාගැනීමට සමත් විය.
කුෂාන් මධූෂ දක්‍ෂ පන්දු යැවීමක නිරත වෙමින් රිච්මන්ඞ් විදුහල් පළමු ඉනිමේ කඩුලු පහක් දවාගත්තේය.
මහින්ද විදුහල පළමු ඉනිම ඕවර 63.3 කදී සියලු දෙනා දැවී 197
(නිපුන් මාලිංග 44, කෞෂිත කොඩිතුවක්කු 36, විනුර දුල්සර 27, නවෝද් පරණවිතාන 26, දිලුම් තිලකරත්න 49/5, සඳුන් මෙන්ඩිස් 53/3, දිමුත් සඳරුවන් 33/2)
රිච්මන්ඞ් විදුහල පළමු ඉනිම ඕවර 45.2 කදී සියලු දෙනා දැවී 144
(අදිත්‍ය සිරිවර්ධන 20, සඳුන් මෙන්ඩිස් 36, විනුජ සප්නක 21, කුෂාන් මධූෂ 20/5, අෂේන් කණ්ඩම්බි 8/2, නවෝද් පරණවිතාන 21/2)
මහින්ද විදුහල දෙවැනි ඉනිම ඕවර 34.3 කදී කඩුලු 9 ට 161
(හංසික වැලිහින්ද 71, නවෝද් පරණවිතාන 30, දිලුම් තිලකරත්න 57/4, කල්ප නෙත්සර 32/3)
රිච්මන්ඞ් විදුහල දෙවැනි ඉනිම ඕවර 44.3 කදී කඩුලු 4 ට 215
(තවීෂ අභිෂේක් නොදැවී 99, භානුක මනෝහර 40, අදිත්‍ය සිරිවර්ධන 26, දිලුම් තිලකරත්න 42)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.