Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
බංගලාදේශ ක‍්‍රිකට් කණ්ඩායමේ දඟ පන්දු යැවීමේ පුහුණුකරු රංගන හේරත් මහතාට නවසීලන්තයේදී සිදුකරන ලද පී.සී.ආර් පරීක්‍ෂණයකින් පසුව කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට හඳුනාගෙන ඇත.
ටෙස්ට් සංචිතයේ ක‍්‍රීඩකයන් සහ සහායක කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් නව දෙනෙක් මැලේසියාවේ සිට නවසීලන්තය බලා පියාසර කරමින් සිටියදී කොරෝනා අසාදිතයකු සමඟ සමීප සම්බන්ධතා පවත්වා ඇති බැවින් ඔවුන් තවදුරටත් නිරෝධායනය කිරීමට භාජනය කෙරෙන බව බංග්ලාදේශ ක‍්‍රිකට් මණ්ඩලයේ නිලධාරීයකු පැවසීය.
”කොරෝනා වයිරසය වැළඳිලා තියෙන නිසා හේරත්ව නිදහස් කරන තුරු ඔහුට දීර්ඝ නිරෝධායනයකට ලක්වීමට සිදුවෙනවා. ගුවන් යානයේ කොරෝනා ආසාදිතයෙක් සිටියා. හේරත් සමඟ අපේ කණ්ඩායමේ කිහිප දෙනෙක් ඔහු සමඟ සමීපව ඇසුරු කළා.”යැයි බංග්ලාදේශ ක‍්‍රිකට් මණ්ඩලයේ මෙහෙයුම් සභාපති අක‍්‍රම් ඛාන් මහතා ඊයේ (15 වැනිදා) සඳහන් කළේය.
සංචිතයේ සෙසු සාමාජිකයන් අනිවාර්ය නිරෝධායන කාලය අවසන් කිරීමෙන් පසු ඊයේ සිට පුහුණුවීම් සඳහා නිදහස් කර ඇතත් වර්ෂාව හේතුවෙන් ඔවුන්ට පුහුණුවීම් කටයුතු කිරීමට නොහැකි වූහ. තවදුරටත් නිරෝධායනයට ලක්ව සිටින කී‍්‍රඩකයන්ට නිරෝධායන කාලය සම්පූර්ණ කිරීමෙන් පසුව පී.සී.ආර්. පරීක්‍ෂණයකට මුහුණදී එහි ප‍්‍රතිඵල අනුව කණ්ඩායම සමග එක්වීමට හැකිවනු ඇත.
නවසීලන්තය සහ බංග්ලාදේශය අතර ආරම්භක ටෙස්ට් තරගය ජනවාරි 1 වැනිදා ටෝරංගාහි බේ ඕවල් ක‍්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතය. දෙවැනි ටෙස්ට් තරගය ජනවාරි 9 වැනිදා ආරම්භ වේ. නවසීලන්තයේ නිරෝධායන වැඩිපිළිවෙල ලිහිල් කිරීම හේතුවෙන් බංග්ලාදේශයට එම තරග දෙකට පෙර දෙදින පුහුණු තරග කිහිපයකට ක‍්‍රීඩා කිරීමට අවස්ථාව හිමි වේ.
-2079
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.