Last Update  :  2025-01-15 20:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket රන්දම් හටන ජය පැරදුමෙන් තොරයි

රන්දම් හටන ජය පැරදුමෙන් තොරයි

සංජය එරමුදුගොඩ - 2019 මාර් මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පාදුක්ක සිරි පියරතන විදුහල සහ හොරණ රාජකීය විදුහල අතර මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේදී පැවැති 2 වැනි ‘රන්දම් හටන’ වාර්ෂික මහ ක්‍රිකට් තරගය අද (2 වැනිදා) ජය පරාජයෙන් තොරව නිමාවට පත් විය.

තරගය නිමාවට පත්වන විට පන්දුවට පහරදෙමින් සිටි රාජකීය විදුහල සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලු 8 ක් දැවී ලකුණු 133 ක් ලබා ජයග්‍රහණයට තවත් ලකුණු 73 ක් පසුපසින් සිටියේය.

තරගය පුරා දක්ෂ පන්දු යැවීමක නිරත වූ සිරි පියරතන විදුහලේ කාවින්ද ඊෂ්වර පළමු ඉනිමේදී ලකුණු 21 කට කඩුලු 7 ක්ද, දෙවැනි ඉනිමේදී ලකුණු 70 කට කඩුලු 3 ක්ද ලෙස ඉනිම් දෙකේදීම කඩුලු 10 ක් දවගත්තේය.

රාජකීය ඉනිමේ පළමු ඉනිම ලකුණු 67 කට සීමා කිරීමෙන් අනතරුව ලකුණු 98 ක් ඉදිරියෙන් සිටිමින් දෙවැනි ඉනිම ඇරඹූ සිරි පියරතන විදුහල කඩුලු 9 ක් දැවී ලකුණු 107 ක් ලබා ගැනීමෙන් අනතුරුව ඉනිම අත්හිටුවීමට තීරණය කළේය.


සිරි පියරතන විදුහල් පළමු ඉනිම - ඕවර 61.4 කදී සියලු දෙනා දැවී 165
(යසිරු දිනේෂ් 60, කාවින්ද ඊෂ්වර 21, චානුක ද සිල්වා 41/6)

රාජකීය විදුහල් පළමු ඉනිම - ඕවර 41 කදී සියලු දෙනා දැවී 67
(කාවින්ද ඊෂ්වර 21/7, මධුෂාන් පීරිස් 13/3)

සිරි පියරතන විදුහල් දෙවැනි ඉනිම - ඕවර 31.1 කදී කඩුලු 9 ක් දැවී 107
(යසිරු දිනේෂ් 30, චානුක ද සිල්වා 45/4, දිමන්ත දිනුජය 40/4)

රාජකීය විදුහල් දෙවැනි ඉනිම - ඕවර 70 කදී කඩුලු 8 ක් දැවී 133
(නිර්මල කිත්මාල් 41, ශානුක ද සිල්වා නොදැවී 27, තාරුක සිල්වා 21, මධුෂාන් පීරිස් 56/4, කාවින්ද ඊෂ්වර 70/3)

 


අදහස් (0)

රන්දම් හටන ජය පැරදුමෙන් තොරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.