Last Update  :  2025-04-26 13:08:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket රන්මිණි සටන මහ ක්‍රිකට් තරගය අද - හෙට

රන්මිණි සටන මහ ක්‍රිකට් තරගය අද - හෙට

editorial - 2025 අප්‍රේ මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(රත්නපුර විශේෂ අප්සරා යෝසිත් විජේසූරිය)

රත්නපුර සීවලී මධ්‍ය විද්‍යාලය සහ පැල්මඩුල්ල ගන්කන්ද මධ්‍ය විද්‍යාලය අතර 14 වැනි වරට පැවැත්වෙන ‘රන්මිණි සටන’ වාර්ෂික මහ ක්‍රිකට් තරගය අද (25) සහ හෙට (26) දෙදින තළ රත්නපුර මහ නගර සභා සීවලී ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. 

මෙවර තරගයේදී සීවලි මද්‍ය විද්‍යාලයීය කණ්ඩායම මෙහෙයවීමේ වගකීම චාමිකර ගුණතිස්සට පැවරී ඇත. මෙවර ගන්කන්ද මධ්‍ය විද්‍යාලයීය කණ්ඩායම මෙහෙයවනු ලබනුයේ නිමේෂ් සත්සර විසිනි. 

මෙම තරගය සඳහා අලියාන්ස් ෆිනෑන්ස් සමාගම හා පර්ල් පානීය ජල නිපැයුම් සමාගම නිල අනුග්‍රාහකයත්වය දරන අතර ඊට අමතරව රත්නපුර පැල්මඩුල්ල ප්‍රදේශවල ප්‍රධාන පෙළේ ව්‍යාපාරික  ආයතන කීපයක්ද අනුග්‍රහය දක්වන බව ඉකුත්දා කුරුවිට ග්‍රෑන්ඩ්ගාර්ඩියන් උත්සවශාලාවදී පැවති මාධ්‍ය හමුවදී අනාවරණය විය. 

වසර 2010 දී ආරම්භ වූ සීවලී - ගන්කන්ද මධ්‍ය විදුහල් අතර රන්මිණි සටන මහ ක්‍රිකට් තරගය, 2020 හා 2021 වසරවලදී පැවති කොරෝනා වසංගත තත්වය මත පැවත්වීමට නොහැකිවිය. මෙතෙක්  පැවති තරගවලදී සීවලී මධ්‍ය විද්‍යාලය තරග 3 ක් ජයගෙන ලබාගෙන ඇති අතර ගන්කන්ද මද්‍ය විද්‍යාලය එක් තරගයක් ජය ගෙන තිබේ. තරග 9 ක් ජය පැරදුමෙන් තොරව නිමාවට පත්ව තිබේ. 

මෙවර අන්තර් පාසල් තරග වාරයේදී සීවලී මධ්‍ය විද්‍යාලයීයේ චාමිකර ගුණතිස්ස ඉනිම් 8 කදී අර්ධ ශතකයක් සමග ලකුණු 263 ක් ලබා ඇති අතර චතූප ප්‍රේමතිලක ඉනිම 8 කදී අර්ධ ශතක දෙකක් සමග ලකුණු 244 ක්ද, තිනෙත් ජයවර්ධන ඉනිම් 8 කදී එක් ශතකයක් හා අර්ධ ශතකයක් සමග ලකුණු 240 ක් ලබා සිටිති. 

එම විදුහලේ සචින්ත වික්‍රමආරච්චි ඉනිම් 5 කදී කඩුලු 5 බැගින් දවාගත් අවස්ථා 5 ක්ද සමග කඩුලු 44 ක් බිඳහෙලා ඇති අතර සනුජ දෙල්ගහගොඩ ඉනිම 8 කදී කඩුලු 26 ක්ද, උත්සර රණතුංග ඉනිම 8 කදී කඩුලු 25 ක්ද බිඳහෙළමින් කණ්ඩායමේ පන්දුයැවීමේ අංශය බලගැන්වීමට සමත් වූහ. 

මෙවර අන්තර් පාසල් තරගවාරයදී පැල්මඩුල්ල ගන්කන්ද මධ්‍ය විදුහල් කණ්ඩායමේ නායක නිමේෂ් සත්සර, තරග 7 කදී ශතකයක් හා අර්ධ ශතකයක් සමග ලකුණු 304 ක් රැස්කරමින් කඩුලු 13 ක්ද බිඳහෙළීමට සමත් විය. එම විදුහලේම විශ්ව නිම්නජිත් තරග 7 කදී අර්ධ ශතක 2 ක් සමඟ ලකුණු 188 ක් රැස්කළ අතර කඩුලු 16 ක් බිඳහෙළමින් පිත්තෙන් මෙන්ම පන්දුවෙන්ද දස්කම් පෑවේය. 

 


රත්නපුර සීවලී මධ්‍ය විද්‍යාලීය කණ්ඩායම
ඉදිරි පෙළ වමේ සිට
ජනිත් දිසානායක මහතා (ප්‍රධාන පුහුණුකරු), චාමිකර ගුණතිස්ස (කණ්ඩායම් නායක), ප්‍රවීන් කරුණාපාල මහතා (ක්‍රිකට් ක්‍රීඩාභාර ආචාර්ය), රොෂාන් වෙදගේ මහතා (නියෝජ්‍ය විදුහල්පති), නීල් දම්මික වතුකාරවත්ත මහතා (විදුහල්පති), රුක්ෂාන් පතිරණ මහතා (ක්‍රිකට් ක්‍රීඩාභාර ආචාර්ය), සනුජ දෙල්ගහගොඩ, තිනෙත් ජයවර්ධන (කණ්ඩායම් උප නායක) සහ චානක මදුශංක (සහය පුහුණුකරු)
පසුපෙළ වමේ සිට 
ලසිරු පතිරණ, විනුද අමරසිංහ, සදෙව් සමරකෝන්, නිදුක ප්‍රේමරත්න, උත්සර රණතුංග සහ චතූප ප්‍රේමතිලක, ත්‍යාගරාජා ජයන්තන්, කවිෂාන් ගානුක, හරිත ජයසූරිය, සචින්ත වික්‍රමආරච්චි, තිශාන් ගලගානගේ සහ ආයුක මූණමල්පේ

 

ගන්කන්ද මධ්‍ය විද්‍යාලීය කණ්ඩායම
ඉදිරි පෙළ වමේ සිට 
විශ්ව නවෝදන (කණ්ඩායම් උපනායක), සුපුන් ජයරත්න මහතා (ප්‍රධාන පුහුණුකරු), සුමනා ආරියතිලක මහත්මිය (නියෝජ්‍ය විදුහල්පතිනී), සුධීර ෆොන්සේකා මහතා (විදුහල්පති), ප්‍රියංකා දසනායක මහත්මිය (නියෝජ්‍ය විදුහල්පතිනී), නාලක සුදත් මහතා (ක්‍රිකට් ක්‍රීඩාභාර ආචාර්ය) සහ නිමේෂ් සත්සර (කණ්ඩායම් නායක) 
පසුපෙළ වමේ සිට 
කෝකිල හර්ෂ, සනුක ලක්ෂාන්, මිලින්ද ප්‍රභාත්, කවිඳු  නෙත්රුවන්, ජනිත් අකලංක, රන්විදු සුරවීර සහ අදීෂ් ආමන්ත 
තෙවැනි පෙළ වමේ සිට
කවිඳු ගිම්හාන්, දසුන් නිම්සර, රවින්දු රාජකරුණා, නවෝද් දුලන්ජය, නිර්මාල් රශ්මික සහ ලසිත් ගිම්හාන


අදහස් (0)

රන්මිණි සටන මහ ක්‍රිකට් තරගය අද - හෙට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.