Last Update  :  2024-10-21 21:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket රබාඩා ටෙස්ට් කඩුලු 300 යි
මීර්පූර් ටෙස්ට් තරගය

රබාඩා ටෙස්ට් කඩුලු 300 යි

editorial - 2024 ඔක් මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

එක දිනයකින් කඩුලු 16 ක් බිඳ වැටුණු මීර්පූර් තණතීරුවේදී ටෙස්ට් කඩුලු 300 කඩඉම පසුකළ කගීසෝ රබාඩා ටෙස්ට් ඉතිහාසයට එක්විය. බංග්ලාදේශය සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ ආරම්භක දිනය වන අද (21 වැනිදා) බංග්ලාදේශය ලකුණු 106 කට දැවී ගිය නමුත් අද සවස ක්‍රීඩාව ක්‍රීඩාව නතර කරන විට දකුණු අප්‍රිකානුවෝත් ලකුණු 140 කට කඩුලු 6 ක් අහිමි කරගෙන සිටියහ.  

අද සවස ක්‍රීඩාව නතර කරන විට වියාන් මල්ඩර් (නොදැවී 17) සහ කයිල් වරීන් (නොදැවී 18) පිටියේ රැඳී සිටි දකුණු අප්‍රිකානු පිතිකරුවෝ වූහ. 

පසුගිය අගෝස්තු මාසයේදී සිදුවූ ශිෂ්‍ය විප්ලවය මගින්, අගමැතිනි ෂීක් හසීනා බලයෙන් නෙරපීමෙන් පසුව,  බංග්ලාදේශයේදී පැවැත්වෙන පළමු වැනි අන්තර්ජාතික ක්‍රිකට් තරගය මෙයයි. 

සිය ආරක්‍ෂාව සම්බන්ධයෙන් ඇති බිය හේතුවෙන් බංග්ලාදේශයේ හිටපු නායක සකිබ් අල් හසන් මෙම තරගය මඟහැරියේය. ඔහු කලින් කියා සිටියේ දකුණු අප්‍රිකානු කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන ටෙස්ට් තරගාවලියෙන් පසුව තමන් අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගන්නා බවයි.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදීම තෝරාගත් නමුත් ආරම්භක පිතිකරු මහමදුල් හසන් ජෝයි හැරුණු විට බංග්ලාදේශ පිතිකරු ලයිස්තුවේ කිසිවකුට ලකුණු 16 කට එහා යාමට නොහැකි විය. පැය දෙකකටත් වැඩි කාලයක් තිස්සේ තට්ටු අල්ලමින් සිටි මහමදුල් හසන් ජෝයි, පන්දු 97 කට මුහුණ දෙමින් ලකුණු 30 ක් ලබාගැනීමෙන් පසුව පිට දග පන්දු යවන්නා වූ ඩෑන් පීඩ් හමුවේ දැවී ගියේය. පළපුරුදු පිතිකරුවන් වන ශද්මන් ඉස්ලාම් (0), මොමිනුල් හක් (4), නජ්මුල් හොසේන් ශන්ටෝ (7), මුෂ්ෆිකුර් රහීම් (11), ලිටන් දාස් (1) සහ මෙහෙදි හසන් මිරාස් (13) යන සියලු දෙනා එක්වී ලබාගත්තේ ලකුණු 36 ක් පමණි. 

බංග්ලාදේශ පිතිකරු ලයිස්තුව සෙල්ලමකට ගත් කගීසෝ රබාඩා, වියාන් මල්ඩර් සහ කේෂව් මහාරාජ් මාරුවෙන් මාරුවට පිතිකරුවන් ආපසු හරවා යවද්දී මුෂ්ෆිකුර් රහීම් දවාගත් කගීසෝ රබාඩා ටෙස්ට් ඉතිහාස පොතට සිය නම ඇතුළත් කරගත්තේ අඩුම පන්දු සංඛ්‍යාවකින් 300 වැනි ටෙස්ට් කඩුල්ල දවාගත් පන්දු යවන්නා ලෙසිනි. ඕවර 2100.2 කින් 300 වැනි කඩුල්ල දවාගත් වකාර් යුනිස් මීට පෙර එම වාර්තාව සතුකරගෙන සිටියේය. 
එහෙත් වකාර්ට වඩා ඕවර 131.5 ක් ඉක්මන් වූ කගීසෝ රබාඩා, ඕවර 1969.3 කින් 300 වැනි ටෙස්ට කඩුල්ල තමන් සතුකර ගත්තේය. 

300 වැනි කඩුල්ල දවාගත් රබාඩා එතැනින් නොනැවතී, ලිටන් දාස්ගේ ඉනිමත් එක ලකුණකට සීමා කළේය. 

පළමු දිනයේදීම කඩුලු 16 ක් ඇද වැටීමෙන් එය පන්දු යවන්නන්ට වැඩි නැඹුරුවක් දැක්වූ කඩුල්ලක් බව පැහැදිළිවම පෙනෙන්නට තිබිණ. කෙසේ වෙතත් සකිබ් අල් හසන් නැති කණ්ඩායමේ වීරයා වූ වමතින් දඟ පන්දු යවන තයිජුල් ඉස්ලාම් ලකුණු 49 කට කඩුලු 5 ක් දවාගනිමින් සිය 200 වැනි ටෙස්ට් කඩුල්ලත් මල්ලට දමාගත්තේය. 


බංග්ලාදේශය - පළමු ඉනිම 106 යි
(මහමදුල් හසන් ජෝයි 30, මුෂ්ෆිකුර් රහීම් 11, මෙහෙදි හසන් මිරාස් 13,  තයිජුල් ඉස්ලාම් 16, කගීසෝ රබාඩා 26/3, වියාාන් මල්ඩර් 22/3, කේෂව් මහාරාජ් 34/3)

දකුණු අප්‍රිකාව - පළමු ඉනිම කඩුලු 6 ට 140 යි
(ටෝනි ඩි’සෝර්සි 30, ටි්‍රස්ටන් ස්ටබ්ස් 23, ඩේවිඩ් බෙඩිංහැම් 11, රයාන් රික්ල්ටන් 27, කයිල් වරීන් නොදැවී 18, වියාන් මල්ඩර් නොදැවී 17, තයිජුල් ඉස්ලාම් 49/5)


- 213


අදහස් (0)

රබාඩා ටෙස්ට් කඩුලු 300 යි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.