Last Update  :  2025-04-21 11:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket රමේශ් මෙන්ඩිස්ගෙන් ද්විත්ව ශතකයක්

රමේශ් මෙන්ඩිස්ගෙන් ද්විත්ව ශතකයක්

සංජය එරමුදුගොඩ - 2013 නොවැ මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 19න් පහළ ලීග් ක‍්‍රිකට් තරගාවලියේ I කොටසේ අද (20 වැනිදා) අවසන්වු තරගායේදී බලපිටිය රේවත විද්‍යාලයට එරෙහිව ඉනිමක සහ ලකුණු 287 ක ජයක් ලබන්නට අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය සමත්විය. තරගය මග්ගොන සරේ ක‍්‍රීඩාංගණයේදී පැවැත්විණ.

කාසියේ වාසිය දිනා ගත් රේවත විද්‍යාලය මුලින්ම පන්දුවට පහරදීමට ධර්මාසෝක විද්‍යාලයට ආරාධනා කළෙය. කඩුලූ 5 ක් දැවී ඉනිම අත්හිටුවනවිට ලකුණු 426 ක් රැස් කර ගැනීමට ධර්මාශෝක පිතිකරුවන් සමත්විය. 5 වන කඩුල්ල සදහා ලකුණු 324 ක සම්බන්ධතාවයක් ගොඩනගා ගැනීමට රමේශ් මෙන්ඩිස් සහ කවීශ් කුමාර සමත්විය.

වේගවත් ලකුණු රැස් කිරීමක නිරතවු රමේශ් මෙන්ඩිස් පන්දු 134 කදී හතරේ පහර 23 ක් සහ හයේ පහර 6 ක් සමගින් නොදැවී ලකුණු 203 ක් රැස්කර ගත් අතර ඔහුට අගනා සහයක් දුන් කවීශ් කුමාරද පන්දු 125 කදී හතරේ පහර 17 ක් සහ හයේ පහර 6 ක් සමගින් ලකුණු 123 ක් ලබා ගත්තේය.

රේවත පිතිකරුවන්ට ඉනිම දෙක තුළදීම සාර්ථක වීමට ධර්මාසෝක පන්දුයවන්නන් අවස්ථාව නොදුන් අතර සුදාර දේශාන්ත රේවත පළමු ඉනිමේදී ලකුණු 7 කට කඩුලූ 5 ක්ද දෙවන ඉනිමේදී රමේශ් මෙන්ඩිස් ලකුණු 14 කට කඩුලූ 6 ක්ද ලබා ගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.

 

ධර්මාසෝක විදුහල පළමු ඉනිම  ඕවර 62 කදී කඩුලූ 5ක් දැවී 426
(රමේශ් මෙන්ඩිස් නොදැවී 203, කවීශ් කුමාර 123, ඉසුරු චතුරංග 55, ඩිල්ශාන් ද සොයිසා 63/2)

රේවත විදුහල පළමු ඉනිම  ඕවර 22 කදී සියලූ දෙනාම දැවී 56
(ලක්මාල් ද සිල්වා 25, සුදාර දේශාන්ත 7/5, උශාන් ඉමන්ත 10/3, තිලාන් මදුරංග 13/2)

රේවත විදුහල දෙවන ඉනිම  ඕවර 26 කදී සියලූ දෙනාම දැවී 83
(සසලංක මෙන්ඩිස් 34, රමේශ් මෙන්ඩිස් 14/6, උශාන් ඉමන්ත 31/3)

 


අදහස් (0)

රමේශ් මෙන්ඩිස්ගෙන් ද්විත්ව ශතකයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.