Last Update  :  2025-04-21 11:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket රමේෂ් මෙන්ඩිස් ටෙස්ට් සංචිතයට

රමේෂ් මෙන්ඩිස් ටෙස්ට් සංචිතයට

editorial - 2024 ජන මස 31 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර ලබන සිකුරාදා (02 වැනිදා) ආරම්භ වන පළමු ටෙස්ට් තරගය සඳහා නම් කරන ලද සංචිතයට අවසන් මොහොතේදී රමේෂ් මෙන්ඩිස් ඇතුළත් කර තිබේ. පන්දු යැවීමේ අංශය වඩාත් සමබර කිරීම සඳහා රමේෂ් මෙන්ඩිස් සංචිතයට කැඳවා ඇත. 

මෙම තරගය කොළඹ එස්.එස්.සී. පිටියේදී පැවැත්වෙන බැවින්ද, එස්.එස්.සී. ක්‍රීඩාංගණය මූලික වශයෙන්ම පිතිකරුවන් සඳහා යෝග්‍ය ක්‍රීඩාංගණයක් වන බැවින් ශ්‍රී ලංකා සංචිතය පිතිකරුවන්ගෙන් පුරවා දමන ලදි. එහෙත් විශේෂඥ දඟ පන්දු යවන්නන් වශයෙන් ඊට ඇතුළත් වූයේ ප්‍රභාත් ජයසූරිය පමණක් වන බැවින් පිට දඟ පන්දු යවන්නනු ලෙසින් රමේෂ් මෙන්ඩිස් ඇතුළත් කර තිබේ. 

මේ දක්වා ටෙස්ට් තරග 14 කට සහභාගි වී සිටින රමේෂ් මෙන්ඩිස්, ඒවායේදී කඩුලු 63 ක් දවාගෙන තිබේ. ඔහුගේ පන්දු යැවීමේදී කඩුල්ලක් දවාගැනීමේ සාමාන්‍යය ලකුණු 30.65 කි. ටෙස්ට් ඉනිම 5 කදී කඩුලු 5 ක් බැගින් දවාගෙන සිටින රමේෂ් මෙන්ඩිස්, 2021 දෙසැම්බර් මාසයේදී ගාල්ලේදී පැවැති ටෙස්ට් තරගයකදී කොදෙව් පිලට එරෙහිව ඉනිම දෙකේදීම ලකුණු 136 කට කඩුලු 11 ක් දවාගත්තේය. 


ශ්‍රී ලංකා සංචිතය 
ධනංජය ද සිල්වා (නායක), කුසල් මෙන්ඩිස්, දිමුත් කරුණාරත්න, ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල්, සධීර සමරවික්‍රම, නිශාන් මධුෂ්ක, කමිඳු මෙන්ඩිස්, රමේෂ් මෙන්ඩිස්, ළහිරු උදාර, ප්‍රභාත් ජයසූරිය, අසිත ප්‍රනාන්දු, කසුන් රාජිත, මිලාන් රත්නායක, විශ්ව ප්‍රනාන්දු සහ චාමික ගුණසේකර


අදහස් (0)

රමේෂ් මෙන්ඩිස් ටෙස්ට් සංචිතයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.