Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශූරයන්ගේ විස්සයි20 ලීග් තරගාවලියේ මූලික වටයේ පළමු තරගය ලෙස චෙන්නායි සුපර්කිංග්ස් පිල සහ කොල්කටා නයිට්රයිඩර්ස් පිල අතර අද (17 වැනිදා) පැවැති තරගයෙන් කඩුලූ 3 ක ජයක් වාර්තා කිරීමට කොල්කටා නයිට්රයිඩර්ස් පිල සමත්විය.
ජයග‍්‍රහාණය සඳහා ලකුණු 158 ක ඉලක්කයක් හඹාගිය කොල්කටා පිල කඩුලූ 7 ක් දැවී පන්දු 6 ක් ඉතිරිව තිබියදී එම ඉලක්කය පසුකර ගියේය.
පළමු කඩුලූ 5 ලකුණු 51 ක් තුළ බිඳවැටී කොල්කටා පිල අසීරු අඩියක පසුවූ අවස්ථවේ, රයන් ටෙන් ඩොස්කේට් සහ ඇන්ඩි‍්‍ර රසල් එක්ව 6 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 45 කදී ලකුණු 80 ක වේගවත් සම්බන්ධතාවක් ගොඩනඟමින් තම පිල ජයග‍්‍රණයේ මාවතට යොමු කළහ.
එහිදී පන්දු 25 කදී හයේ පහර 5 ක් සහ හතරේ පහර 4 ක් සමගින් මෙවර තරගාවලියේ පළමු අර්ධ ශතකය රැස්කළ ඇන්ඩි‍්‍ර රසල් තරගයේ වීරයා බවට පත්විය.
කොල්කටා පිලේ 5 වැනි පිතිකරු ලෙස පිටියට පිවිසි රයන් ටෙන් ඩොස්කේට්, පන්දු 41 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 3 ක් සමගින් නොදැවී ලකුණු 51 ක් රැස්කරමින් තම කණ්ඩායම ජයග‍්‍රහණය කරා රැගෙන ගියේය.
ලකුණු 21 කට කඩුලූ 4 ක් දවාගැනීමට චෙන්නායි පිලේ ආරම්භක වේග පන්දුයවන්නා වූ අශීෂ් නෙහෙරා සමත් වුවත්, එය කොල්කටා පිලේ ජයග‍්‍රහණය වැළැක්වීමට තරම් ප‍්‍රමාණවත් නොවීය.
පළමුවෙන් පන්දුවට පහරදුන් චෙන්නායි සුපර්කිංස් පිල, නියමිත ඕවර 20 අවසානයේ කඩුලූ 4 ක් දැවී ලකුණු 157 ක් ලබාගත්තේය.
එහිදී චෙන්නායි පිලේ 5 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 45 කදී ලකුණු 71 ක නොබිදුණ සම්බන්ධතාවක් ගොඩනැගීමට නායක මහේන්ද්‍ර සිං දෝනි (නොදැවී 35) සහ ඞ්වේන් බ‍්‍රවෝ (නොදැවී 28) සමත්වූහ.
පන්දු 20 කදී වාර්තා වූ දෝනිගේ ඉනිමට හයේ පහර 2 ක් සහ හතරේ පහර 3 ක් ඇතුළත් වූ අතර පන්දු 28 කදී වාර්තා වූ බ‍්‍රාවෝගේ ඉනිමට හයේ පහර 2 ක් සහ හතරේ පහර 2 ක් ඇතුළත් විය.
කාසියේ වාසිය දිනූ කොල්කටා නයිට්රයිඩර්ස් පිල පළමුවෙන් පන්දුවට පහරදීම සඳහා චෙන්නායි සුපර්කිංස් පිලට ආරාධනා කර සිටියේය.
චෙන්නායි සුපර්කිංග්ස් පිල - ඕවර 20 කදී කඩුලූ 4 කට ලකුණු 157
(ඞ්වේන් ස්මිත් 20, බ්‍රෙන්ඩන් මැකලම් 22, සුරේෂ් රයිනා 28, ෆෆ් ඩුප්ලෙසි 14, ඞ්වේන් බ‍්‍රවෝ නොදැවී 28, මහේන්ද්‍ර සිං දෝනි නොදැවී 35, පියුෂ් චව්ලා 26/2)
කොල්කටා නයිට්රයිඩර්ස් පිල - ඕවර 19 කදී කඩුලූ 7 කට ලකුණු 159
(රයන් ටෙන් ඩොස්කේට් නොදැවී 51, සූර්යකුමාර් යාදව් 19, ඇන්ඩි‍්‍ර රසල්, 58, අශීෂ් නෙහෙරා 21/4)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.