Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket රෂ්මික - තුෂාර ගුරුකුලයට ජය ගෙනෙති

රෂ්මික - තුෂාර ගුරුකුලයට ජය ගෙනෙති

editorial - 2021 මාර් මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ කොළඹ ඩී.එස්. සේනානායක විදුහල සහ කැලණිය ගුරුකුල විදුහල අතර ඩී.එස්. සේනානායක විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති I කාණ්ඩයේ තරගයෙන් කඩුලු 5 ක ජයක් අත්කර ගැනීමට ගුරුකුල විදුහල සමත් විය.

එහිදී ගුරුකුල විදුහලේ රෂ්මික මෙවන් ලකුණු 52 ක් රැස්කරමින් සහ ලකුණු 30 කට කඩුලු 2 ක් දවාගනිමින් පිත්තෙන් මෙන්ම පන්දුවෙන්ද දස්කම් දැක්වූ අතර එම විදුහලේම තුෂාර වනිගසිංහ ලකුණු 20 කට කඩුලු 5 ක් බිඳහෙළීය.


ඩී.එස්. සේනානායක විදුහල - ඕවර 48.2 කදී සියලු දෙනා දැවී 169  
(අභිෂේක් ලියනාරච්චි 58, අමිත දාබරේ 32, සසිඳු ගුණරත්න නොදැවී 31, තුෂාර වනිගසිංහ 20/5, විහඟ ඉරංජන 29/2, රෂ්මික මෙවන් 30/2)

ගුරුකුල විදුහල - ඕවර 28.3 කදී කඩුලු 5 ක් දැවී 172
(රෂ්මික මෙවන් 52, කෙමිර නයනතරු 43, ජනිත ෂෙහාන් නොදැවී 37, ඉමේෂ් අදීෂ 39/2)


-036

 


අදහස් (0)

රෂ්මික - තුෂාර ගුරුකුලයට ජය ගෙනෙති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.