Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(දමින්ද විජේසූරිය)
යාපනය දෙවැනි ඉනිමේදී මහනුවර නායකයා තමන්ගේ 11 දෙනාගෙන් දෙදෙනකු හැර අනෙක් නම දෙනාම පන්දු යැවීමට යොදා ගත්තේය. එහෙත් රවිඳු රසන්ත (නොදැවී 135) සහ නිරෝෂන් දික්වැල්ල (113) මෙල්ල කරගත නොහැකි විය. කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන ජාතික සුපර් ලීග් (පළමු පෙළ) තරගයේ තුන්වැනි දිනය වූ අද (29 වැනිදා) සවස ක්‍රීඩාව නතර කරන විට සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලු 6 ට ලකුණු 378 ක් ලබා සිටි යාපනය ක්‍රීඩකයෝ මහනුවරට වඩා ලකුණු 247 ක් ඉදිරියෙන් සිටියහ.
රවිඳු රසන්ත සහ දික්වැල්ල අතර හයවැනි කඩුල්ල වෙනුවෙන් පැවැති සම්බන්ධතාව ලකුණු 209 කි. මෙම සම්බන්ධතාව නොවන්නට තරගයේ වාසිය මහනුවර පිල සතුවන්නට තිබිණ.
යාපනය මුල් ඉනිමේදීත් ශතකය පෙනි පෙනී දැවී ගිය රවිඳු රසන්ත යාපනය වෙනුවෙන් විශිෂ්ටතම මෙහෙවර කළ පිතිකරුවා විය. දෙවැනි ඉනිමේදීත් මහනුවර පන්දු යවන්නන් හමුවෙ නොසැලී සිටින කෝල්ට්ස් පිතිකරුවා, පන්දු 268 කින් ලකුණු 135 ක් ලබාගත්තේ ඒවායින් 15 ක් හතරේ සීමාවට පිටත්කර යවමිනි.
මේ අතර 2025 ජාතික සුපර් ලීග් තරගාවලියට එක්වූ ටෙස්ට් පිලේ හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් යාපනය වෙනුවෙන් අර්ධ ශතකයක් ලබාගත්තේය.
යාපනය - පළමු ඉනිම 201 යි
රවිඳු රසන්ත 97, අහන් වික්‍රමසිංහ 14, අංජල බණ්ඩාර 28, කවිශ්ක අංජුල 19, තරිඳු රත්නායක 21, චමිඳු වික්‍රමසිංහ 54/5, සහන් ආරච්චිගේ 20/2)
මහනුවර - පළමු ඉනිම 332 යි
(ජනිෂ්ක පෙරේරා 97, පැතුම් නිස්සංක 14, කමිල් මිෂාර 27, නුවනිඳු ප්‍රනාන්දු 16, සහන් ආරච්චිගේ 45, සොහාන් ද ලිවේරා 25, චමිඳු වික්‍රමසිංහ 44, ශිරාන් ප්‍රනාන්දු 38, අසංක මනෝජ් 64/3ථ තරිඳු රත්නායක 99/5, ජනිත් ලියනගේ 27/2)
යාපනය - දෙවැනි ඉනිම කඩුලු 6 ට 378 යි
(රවිඳු රසන්ත නොදැවී 135, ෂෙවොන් ඩැනියෙල් 23, කවිශ්ක අංජුල 12, ඇන්ජලෝ මැතිව්ස් 51, ජනිත් ලියනගේ 14, නිරෝෂන් දික්වැල්ල 113, ළහිරු කුමාර 29/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.