Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අන්තර් සමාජ පළමු පෙළ ලීග් ක්‍රීකට් තරගාවලියේ දෙවැනි වටයේදී පූර්ණ ජයග්‍රහණ වාර්තා කිරීමට රාගම ක්‍රීඩා සමාජය සහ හලාවත මේරියන්ස් ක්‍රීඩා සමාජය සමත් වූහ. මෙම තරග පෙරේදා (17 වැනිදා) නිමාවට පත්විය.
එහිදී කෝල්ට්ස් කණ්ඩායමට එරෙහිව සී.සී.සී. ක්‍රීඩාංගණයේ පැවැති තරගයෙන් ලකුණු 103 ක ජයක් වාර්තා කිරීමට රාගම කණ්ඩායම සමත් වූ අතර යුද හමුදා කණ්ඩායමට එරෙහිව පී. සරවනමුත්තු ක්‍රීඩාංගණයේදී පැවැති තරගයෙන් ලකුණු 45 ක ජයක් වාර්තා කිරීමට හලාවත මේරියන්ස් කණ්ඩායම සමත් විය
.
පෙරේදා නිමාවට පත්වූ තරගවලදී බී.ආර්.සී. කණ්ඩායමේ නායක භානුක රාජපක්ෂ (115 සහ නොදැවී 110), සැරසන්ස් කණ්ඩායමේ නායක මිලින්ද සිරිවර්ධන (151), යුද හමුදා කණ්ඩායමේ අෂාන් රන්දික (133), සී.සී.සී. කණ්ඩායමේ ලසිත් අබේරත්න (නොදැවී 101) ශතක ලබාගත්හ.
එහිදී පිත්තෙන් මෙන්ම පන්දුවෙන්ද එකසේ දක්සම් දැක්වූ බී.ආර්.සී. කණ්ඩායමේ ඳුවිඳු තිලකරත්න නොදැවී ලකුණු 53 ක් රැස්කිරීමට සහ කඩුලු 13 ක් දවාගැනීමට සමත් විය. සැරසන්ස් කණ්ඩායමේ කසුන් රාජිත කඩුලු 9 ක් බිඳහෙළමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.
රාගම සහ කෝල්ට්ස් කණ්ඩායම් අතර සී.සී.සී. ක්‍රීඩාංගණයේදී
රාගම පළමු ඉනිම - සියලුදෙනා දැවී 258
කෝල්ට්ස් පළමු ඉනිම - සියලුදෙනා දැවී 163
රාගම දෙවැනි ඉනිම - සියලුදෙනා දැවී 220
කෝල්ට්ස් දෙවැනි ඉනිම - සියලුදෙනා දැවී 212
(සධීර සමරවික්‍රම 69, අවිෂ්ක ප්‍රනාන්දු 44, ඇන්ජලෝ මැතිව්ස් 18, ප්‍රියමාල් පෙරේරා 15, ඩිල්රුවන් පෙරේරා 19, කල්හාර සේනාරත්න 28/3, ඉෂාන් ජයරත්න 31/3, අමිල අපොන්සු 48/3)
හලාවත මේරියන්ස් සහ යුද හමුදා කණ්ඩායම් අතර පී. සරවනමුත්තු ක්‍රීඩාංගණයේදී
හලාවත මේරියන්ස් පළමු ඉනිම - සියලු දෙනා දැවී 269
යුද හමුදාව පළමු ඉනිම - සියලු දෙනා දැවී 216
හලාවත මේරියන්ස් දෙවැනි ඉනිම - සියලු දෙනා දැවී 241
යුද හමුදාව දෙවැනි ඉනිම - සියලු දෙනා දැවී 249
(අෂාන් රන්දික 133, තුලින දිල්ෂාන් 39, අසේල ගුණරත්න 18, නිමේෂ් විමුක්ති 23/4, ෂෙහාන් ජයසූරිය 66/4, තික්ෂිල ද සිල්වා 39/2)
සී.සී.සී. සහ සැරසන්ස් කණ්ඩායම් අතර කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී
සී.සී.සී. පළමු ඉනිම - සියලු දෙනා දැවී 142
සැරසන්ස් පළමු ඉනිම - සියලු දෙනා දැවී 183
සී.සී.සී. දෙවැනි ඉනිම - කඩුලු 7 ක් දැවී 351
සැරසන්ස් දෙවැනි ඉනිම - කඩුලු 6 ක් දැවී 283
(ගමිඳු කනිෂ්ක 21, මිලින්ද සිරිවර්ධන නොදැවී 151, ප්‍රමෝද් මධුවන්ත 54, විශ්ව ප්‍රනාන්දු 38/2, ලක්ෂාන් සඳකැන් 64/2)
බී.ආර්.සී. සහ එන්.සී.සී. කණ්ඩායම් අතර කටුනායක මේරියන්ස් ක්‍රීඩාංගණයේදී
බී.ආර්.සී. පළමු ඉනිම - සියලුදෙනා දැවී 316
එන්.සී.සී. පළමු ඉනිම - සියලු දෙනා දැවී 275
බී.ආර්.සී. දෙවැනි ඉනිම - සියලු දෙනා දැවී 240
එන්.සී.සී. දෙවැනි ඉනිම - කඩුලු 9 ක් දැවී 227
(ළහිරු උදාර 93, මහේල උඩවත්ත 18, උපුල් තරංග 26, ඇන්ජලෝ පෙරේරා 37, ඳුවිඳු තිලකරත්න 55/7)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.