Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
කොළඹ රාජකීය සහ ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහල් දෙකෙහි ආදි ක්‍රිකට් ක්‍රීඩකයන් අතර පැවැත්වෙන වාර්ෂික සීමිත ඕවර ක්‍රිකට් තරගය මේ මස 8 වැනිදා කොළඹ රාජකීය විද්‍යාලයීය ක්‍රීඩා පිටියේදී පැවැත්වේ. මෙම විදුහල් දෙක නියෝජනය කරමින් ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදුනු ආදි ශිෂ්‍යයෝ රැසක් වයස අවුරුදු 40 ට වැඩි සහ අවුරුදු 40 ට අඩු ලෙස කාණ්ඩ දෙකකින් විස්සයි20 තරග දෙකකට සහභාගී වෙති.
වයස අවුරුදු 40 ට වැඩි කොටසින් ගාමිණී පෙරේරා, නල්ලයියා දේවරාජන්, අනුෂ්ක පොළොන්නෝවිට, අනුර බුලන්කුලම, වජිර විජේගුණවර්ධන, නරේෂ් අධිකාරම් වැනි කලකට ඉහත ක්‍රිකට් පිටියේ නම රැන්දූ ක්‍රීඩකයෝ ඉදිරිපත් වී සිටිති. වයස අවුරුදු 40 ට අඩු තරගයට ජීවන් මෙන්ඩිස්, කෞෂාල් සිල්වා, භානුක රාජපක්ෂ, කිත්රුවන් විතානගේ, රමිත් රඹුක්වැල්ල ඇතුළු ජාතික කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයෝ කිහිප දෙනෙක්ම එක්ව සිටිති.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.