Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
කොළඹ රාජකීය විදුහල සහ ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල අතර 140 වැනි ‘නිල් මහ සටන’ වාර්ෂික මහ ක්‍රිකට් තරගය මේ මස 7 වැනිදා කොළඹ එස්. එස්. සී. ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ. තෙදින තරගයක් වන තරගය මේ මස 9 වැනිදා අවසන් වීමට නියමිතය.
ලෝක ක්‍රිකට් ඉතිහාසයේ පැරණිතම පාසල් ක්‍රිකට් තරගයක් වන 1879 වසරේ ආරම්භ වූ මෙම මහ ක්‍රිකට් තරගයේ මෙතෙක් පැවැති තරගවලදී රාජකීය විදුහල තරග 35 ක් ද, සාන්ත තෝමස් විදුහල තරග 34 ක් ද, ජය ලබා ඇති අතර ඉතිරි තරග විසඳුමකින් තොරව අවසන් වී තිබේ.
රාජකීය විදුහල අවසන් වරට 2016 වසරේ ගීෂාත් පණ්ඩිතරත්නගේ නායකත්වයෙන් ද, ශාන්ත තෝමස් විදුහල අවසන් වරට 2007 වසරේ අෂාන් පීරිස්ගේ නායකත්වයෙන් ද, ජය ලැබීය.
මෙවර රාජකීය විදුහල් පිලේ නායකයා ලෙස කවිඳු මදාරසිංහ ද, සාන්ත තෝමස් විදුහල් පිලේ නායකයා ලෙස සිතාර හපුහින්න ද, කටයුතු කරති. මෙම තරග වාරයේ කණ්ඩායම් දෙකම සම බර දස්කම් දක්වා තිබේ.
රාජකීය විදුහල් පිල මෙම තරග වාරයේ තරග 15 කට සහභාගි වී පූර්ණ ජයග්‍රහණ පහක් සහ පළමු ඉනිමේ ජයග්‍රහණ දෙකක් ලබාගැනීමට සමත් විය. රාජකීය විදුහල් පිල හලාවත ශාන්ත මරියා, පානදුර ශ්‍රී සුමංගල, හේනේගම මධ්‍ය විද්‍යාලය, ගම්පහ බණ්ඩාරනායක සහ දෙබරවැව ජාතික පාසල යන කණ්ඩායම්වලට එරෙහිව පූර්ණ ජයග්‍රහණ ලබා සිටියි.
මෙවර රාජකීය විදුහල් පිලේ ප්රබලතම ක්‍රීඩකයා ලෙස ශ්‍රී ලංකා වයස 19 න් පහළ පිලේ ඉදිරි පෙළ පිතිකරු කමිල් මිෂාර හැදින්විය හැකිය. වමත් පිතිකරු කමිල් මෙම තරග වාරයේ තරග නවයකදී ලකුණු 513 ක් රැස්කිරීමට සමත්ව සිටියි.
හිටපු නායක පසිඳු සූරියබණ්ඩාර මෙම තරග වාරයේ තරග 12 කදී ලකුණු 835 ක් රැස්කරමින් රාජකීය විදුහල් පිලේ වැඩි ලකුණු ලාභියා බවට පත්ව සිටියි. ශ්‍රී ලංකා වයස 15 න් පහළ පිල නියෝජනය කළ අහන් වික්‍රමසිංහ (ලකුණු 714), ඉසිවර දිසානායක (ලකුණු 704), නායක කවිඳු මදාරසිංහ (ලකුණු 419), තෙවිඳු සේනාරත්න (ලකුණු 401) සහ භාග්‍ය දිසානායක (ලකුණු 366) රාජකීය විදුහල් පිතිකරු ලැයිස්තුව ශක්තිමත් කරන සෙසු ප්‍රබල පිතිකරුවෝ වෙති.
වමතින් දඟ පන්දු යවන ගිෂාන් බාලසූරිය මෙම තරග වාරයේ තරග 10 කදී කඩුලු 47 ක් දවා ගනිමින් රාජකීය විදුහල් පිලේ ඉහළම කඩුලු ලාභියා බවට පත්ව සිටියි. කෞෂාන් කුලසූරිය (කඩුලු 36) සහ මනුල පෙරේරා (කඩුලු 26) සහ ළහිරු මධුසංඛ (කඩුලු 25) රාජකීය විදුහල් පන්දු යැවීමේ බලඇණියේ සෙසු ප්‍රබලයෝ වෙති.
සාන්ත තෝමස් විදුහල මෙම තරග වාරයේ තරග 18 කට සහභාගිවී ගාල්ල ශාන්ත ඇලෝසියස්, කෑගල්ල ශාන්ත මරියා, මොරටුව වේල්ස් කුමර, කොළඹ ආනන්ද, කොළඹ මහානාම සහ කොටහේන ශාන්ත බෙනඩික් යන විදුහල්වලට එරෙහිව පූර්ණ ජයග්‍රහණ හයක් ලැබීය. මෙවර ශාන්ත තෝමස් විදුහල පළමු ඉනිමේ ජයග්‍රහණ 10 ක් සමගින් එකම තරගයක් හෝ පරාජයට පත්නොවීම කැපී පෙනෙයි.
ශ්‍රී ලංකා වයස 19 න් පහළ පිල නියෝජනය කළ වමතින් වේග පන්දු යවන උප නායක කළණ පෙරේරා මෙවර ශාන්ත තෝමස් විදුහලේ ප්රබලතම ක්‍රීඩකයා ලෙස හැදින්විය හැකිය. කළණ මෙම තරග වාරයේ තරග 15 කදී කඩුලු 76 ක් දවාගෙන ඇති අතර ඔහු පිත්තෙන් ද දස්කම් දක්වමින් ලකුණු 439 ක් ද රැස්කර තිබේ.
මෙවර ශාන්ත තෝමස් විදුහලේ ප්රබලතම පිතිකරු වන සිතාර හපුහින්න තරග 16 කදී ලකුණු 824 ක් රැස්කර තිබේ. ශලීන් ද මෙල් (ලකුණු 664), රවිඳු ද සිල්වා (ලකුණු 486), උමයංග සුවාරිස් (ලකුණු 412) සහ ඩෙලන් ප්‍රනාන්දු (ලකුණු 393) මෙම තරග වාරයේ ලකුණු අතර සිටින සෙසු සාන්ත තෝමස් විදුහල් පිතිකරුවෝ වෙති.
වමතින් දඟ පන්දු යවන ඩෙලන් පීරිස් කඩුලු 74 ක් දවාගනිමින් මෙවර ශාන්ත තෝමස් පන්දු යැවීමේ බලඇණියේ පෙරමුණේ රැදී සිටියි. ඩිල්මින් රත්නායක (කඩුලු 39) සහ ශනෝන් ප්‍රනාන්දු (කඩුලු 36) රාජකීය පිතිකරුවන්ට අභියෝගයක් යොමු කිරීමට සූදානමින් සිටිති.
සාන්ත තෝමස් විදුහල් සංචිතය: සිතාර හපුහින්න (නායක), කලණ පෙරේරා (උප නායක), ශලීන් ද මෙල්, රයන් ප්‍රනාන්දු, රවිඳු ද සිල්වා, ක්‍රිෂාන් මුණසිංහ, උමයංග සුවාරිස්, ඩෙලන් පීරිස්, යොහාන් පෙරේරා, ඩිල්මින් රත්නායක, ශනෝන් ප්‍රනාන්දු, තෙවින් ඊරියගම, ගැවින් බොතේජු, ඩියෝන් ප්‍රනාන්දු, ශමිල්ක වික්‍රමතිලක, ටිහාන් ශාෆ්ටර් සහ සිමාල් සමරවික්‍රම ප්‍රධාන පුහුණුකරු: දිනේෂ් කුමාරසිංහ මහතා |
රාජකීය විදුහල් සංචිතය: |
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.