Last Update  :  2025-04-22 17:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket රාජකීය විද්‍යාලය අර්ධ අවසන් පූර්ව වටයට

රාජකීය විද්‍යාලය අර්ධ අවසන් පූර්ව වටයට

රොෂාන් ගුණරත්න - 2019 මාර් මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි කොටසේ අර්ධ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබාගැනීමට කොළඹ රාජකීය විද්‍යාලය අද (5 වැනිදා) සමත්විය.

රාජකීය විද්‍යාලීය ක්‍රීඩාංගණයේදී පැවැති පෙර අර්ධ අවසන් පූර්ව වටයේ තරගයකදී කළුතර සිරිකුරුස විද්‍යාලයට එරෙහිව ලකුණු 55 ක ජයක් ලබාගැනීමට කොළඹ රාජකීය විද්‍යාලය සමත්විය. 

කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් කොළඹ රාජකීය විද්‍යාලයට ඕවර 47 අවසානයේ සියලුදෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 191 ක් පමණි. සදීෂ රාජපක්ෂ (58) අර්ධ ශතකයක් ලබාගනිමින් රාජකීය විද්‍යාලය වෙනුවෙන් පිත්තෙන් දස්කම් දැක්වීය.

දිල්හාර නානායක්කාර කඩුලු 3 ක් සහ නිර්මල ශාමල් කඩුලු 2 ක් දවාගනිමින් රාජකීය විද්‍යාලය අඩු ලකුණු සංඛ්‍යාවකට සීමාකිරීමට සමත්වූහ.

ජයග්‍රහණය සඳහා ලකුණු 192 ක ඉලක්කයක් හඹාගිය කළුතර සිරිකුරුස විද්‍යාලයට ඕවර 40.5 කදී සියලුදෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 136 ක් පමණි. පැතුම් ප්‍රනාන්දු නොදැවී ලකුණු 41 ක් රැස්කරමින් සිරිකුරුස විද්‍යාලය වැඩිම ලකුණු රැස්කළ පිතිකරුවා බවට පත්විය.

උතුම් දිසානායක සහ ප්‍රශාන් කල්හාර කඩුලු 3 බැගින්ද සතිෂ රාජපක්ෂ කඩුලු 2 ක් ද දවාගනිමින් රාජකීය විද්‍යාලය ජයග්‍රහණය කරා රැගෙන යාමට සමත්වූහ.

රාජකීය විද්‍යාලය - ඕවර 47 කදී සියලුදෙනා දැවී ලකුණු 191
(සදීෂ රාජපක්ෂ 58, සොනාල් අමරසේකර 29, ශෙහාන් හේරත් 24, දිල්හාර නානායක්කාර 42/3, නිර්මල ශාමල් 33/2)

සිරිකුරුස විද්‍යාලය - ඕවර 40.5 කදී සියලුදෙනා දැවී ලකුණු 136
(පැතුම් ප්‍රනාන්දු නොදැවී 41, නිලක්‍ෂ කසුන් 26, තුහීන ලොවුඞ්ස් 20, උතුම් දිසානායක 25/3, ප්‍රශාන් කල්හාර 26/3, සතිෂ රාජපක්ෂ 03/2)


අදහස් (0)

රාජකීය විද්‍යාලය අර්ධ අවසන් පූර්ව වටයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.