Last Update  :  2025-04-21 11:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket රාජකීය විදුහලේ කමිල් මිෂාරගෙන් ශතකයක්

රාජකීය විදුහලේ කමිල් මිෂාරගෙන් ශතකයක්

editorial - 2019 නොවැ මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ කොළඹ රාජකීය විදුහල සහ ගාල්ල රිච්මන්ඞ් විදුහල අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති I කාණ්ඩයේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට රිච්මන්ඞ් විදුහල සමත් විය.

එහිදී දක්ෂ පිතිහරඹයක නිරත වූ රාජකීය විදුහලේ කමිල් මිෂාර (100) ශතකයක් ලබාගත් අතර එම විදුහලේම ළහිරු මධුෂංක ලකුණු 18 කට කඩුලු 5 ක්ද, රිච්මන්ඞ් විදුහලේ සුගිත් නිම්නද ලකුණු 33 කට කඩුලු 5 ක්ද දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.

රාජකීය විදුහල් පළමු ඉනිම - ඕවර 39.4 කදී කඩුලු 9 ක් දැවී 87
(කමිල් මිෂාර 22, තෙවිඳු සේනාරත්න 22, සුගිත් නිම්නද 33/5, තරින්ද නිර්මාල් 03/2, කවිඳු නිර්මාන 16/2)

රිච්මන්ඞ් විදුහල් පළමු ඉනිම - ඕවර 56.2 කදී සියලු දෙනා දැවී 120
(අචින්ත ඊෂ්වර 50, දිමුතු සඳරුවන් 23, චමත් දිල්සර 23, ළහිරු මධුෂංක 18/5, මනුල පෙරේරා 16/2, විෂාන් බාලසූරිය 16/2)  

රාජකීය විදුහල් දෙවැනි ඉනිම - ඕවර 65.3 කදී කඩුලු 7 ක් දැවී 199
(කමිල් මිෂාර 108, අහන් වික්‍රමසිංහ 45, සදීෂ රාජපක්ෂ 34, ඉෂාන් චාමික 17/4)

-036

 


අදහස් (0)

රාජකීය විදුහලේ කමිල් මිෂාරගෙන් ශතකයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.