Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අන්තර් පාසල් වයස 13 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්රිකට් තරගාවලියේ I කාණ්ඩයේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට කොළඹ රාජකීය විදුහල ඊයේ (6 වැනිදා) සමත් විය.
කඳාන ද මැසිනොද් විදුහලට එරෙහිව කොළඹදී පැවැති අර්ධ අවසන් පූර්ව තරගය ජය පරාජයෙන් තොරව අවසන් වුවද, ප්රසාද ලකුණු අනුව රාජකීය විදුහලට අවසන් පූර්ව වටයට පිවිසිමේ වරම් හිමිවිය.
රාජකීය විදුහලේ සෙනිත් ජයවර්ධන (නොදැවී 104) ශතකයක් ලබාගත් අතර කනික දයාරත්න දක්ෂ පන්දු යැවීමක නිරත වෙමින් ලකුණු 37 කට කඩුලු 5 ක් දවාගත්තේය.
රාජකීය විදුහල පළමු ඉනිම - ඕවර 64 කදී කඩුලු 3 ක් දැවී 243
(සෙනිත් ජයවර්ධන නොදැවී 104, නෙතින් පනාපිටිය 76, ප්රමෝද් රාජමුලින්ද්ර 39/2)
ද මැසිනොද් විදුහල පළමු ඉනිම - ඕවර 31 කදී කඩුලු 8 ක් දැවී 107
(කනික දයාරත්න 37/5)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.