Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අන්තර් පාසල් වයස 15 න් පහළ ‘සිංගර් කුසලාන’ සීමිත ඕවර ක්රිකට් තරගාවලියේ I වැනි කාණ්ඩයේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට කොළඹ රාජකීය විදුහල සමත් විය.
රාජකීය විදුහල විදුහල් ක්රීඩාංගණයේදී පැවැති පෙර අර්ධ අවසන් පූර්ව වටයේ තරගයකදී රත්ගම දේවපතිරාජ විදුහලට එරෙහිව ලකුණු 267 ක දැවැන්ත ජයක් අත්කර ගනිමින් රාජයකීය විදුහල අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තේය.
එහිදී නෙතින් පනාපිටිය (97) සහ රෙසඳු තිලකරත්න (93) රාජකීය විදුහල වෙනුවෙන් අර්ධ ශතක ලබාගත් අතර එම විදුහලේ කනික දයාරත්න ලකුණු 28 කට කඩුලු 4 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.
රාජකීය විදුහල - ඕවර 50 කදී කඩුලු 6 ක් දැවී 352
(නෙතින් පනාපිටිය 97, රෙසඳු තිලකරත්න 93, තෙවිඳු හංසජ 42, උවින් වීරසේකර 30, පවන් සංදීප 71/2, ෂෙහාන් හසරංග 73/2)
දේවපතිරාජ විදුහල - ඕවර 23.3 කදී සියලු දෙනා දැවී 85
(පවන් සංදීප 23, කනික දයාරත්න 28/4, දනිත් කප්පගොඩ 20/2)
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.