Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අන්තර් පාසල් වයස 15 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්රිකට් තරගාවලියේ මාතලේ ශාන්ත තෝමස් විදුහල සහ කොළඹ රාජකීය විදුහල අතර ශාන්ත තෝමස් විදුහල් ක්රීඩාංගණයේදී පැවැති I කොටසේ තරගයේදී පළමු ඉනිමේ ජයක් වාර්තා කිරීමට රාජකීය විදුහල සමත් විය.
එහිදී රාජකීය විදුහල වෙනුවෙන් ශතකයක් ලබාගැනීමට ඩී. මංචනායක (102) සමත් වූ අතර එම විදුහලේම කවිඳු දයාරත්න ලකුණු 31 කට කඩුලු 5 ක් දවාගත්තේය.
රාජකීය විදුහල - පළමු ඉනිම - ඕවර 43 කදී කඩුලු 4 ක් දැවී 275
(ඩී. මංචනායක 102, එන්. පන්නිපිටිය 60, වී. වීරසිංහ 39, තෙවිඳු හසාංජන 37)
ශාන්ත තෝමස් විදුහල - පළමු ඉනිම - ඕවර 50 කදී සියලු දෙනා දැවී 78
(මතීෂ මොරගොල්ල 14, ශිල්ප වැලිගමුව 13, එම්. දිසානායක 13, කවිඳු දයාරත්න 31/5, තෙවිඳු හංසජිත් 14/3)
රාජකීය විදුහල - දෙවැනි ඉනිම - ඕවර 4 කදී කිසිවකු නොදැවී 24
(ආර්. තිලකරත්න නොදැවී 16)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.