Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket රාජස්ථාන් කඩුලූ 6 කින් ජයගනී

රාජස්ථාන් කඩුලූ 6 කින් ජයගනී

දිලිනි මල්රුක්ෂි - 2015 අප්‍රේ මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දීය ප‍්‍රීමියර් ලීග් ක‍්‍රිකට් තරගාවලියේ (අයි.පී.එල්.) 11 වැනි තරගය ලෙස රාජස්ථාන් රෝයල්ස් පිල සහ සන්රයිසස් හයිද්‍රාබාද් පිල අතර විසාකාපට්ටම්හිදී පැවැති තරගයෙන් රාජස්ථාන් රෝයල්ස් පිල කඩුලූ 6 ක ජයක් ලැබීමට සමත් විය.

රාජස්ථාන් පිල ලකුණු 128 ක ජයග‍්‍රාහි ඉලක්කය  ඕවර 20 කදී කඩුලූ 4 ක් පමණක් දැවී සම්පූර්ණ කළේය. අවසන් පන්දුවේදී ජයග‍්‍රහණයට ලකුණක් අවශ්‍ය වූ අතර ජේම්ස් ෆෝක්නර් ලකුණු 4 කින් තරගය අවසන් කිරීමට සමත් විය.

අජින්‍යා රහනේ ජයග‍්‍රහණයේ නියමුවා බවට පත්වෙමින් පන්දු 56 කදී හතරේ පහර 9 ක් සමගින් ලකුණු 62 ක් රැස් කළේය.

පළමුව පන්දුවට පහර දුන් සන්රයිසස් පිලේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වෙමින් ඔයින් මෝගන් පන්දු 30 කදී හතරේ පහර 2 ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 27 ක් රැස් කළේය.

සන්රයිසස් හයිද්‍රාබාද් පිල  ඕවර 20 කදී කඩුලූ 5 ට 127
(ඬේවිඞ් වෝනර් 21, නයිම්  ඕජා 25, ඔයින් මෝගන් 27, රවී බොපාරා නොදැවී 23, අෂිෂ් රෙඩි නොදැවී 13, දාවල් කුල්කරනි 9/2, ප‍්‍රවීන් තම්බි 21/2)

රාජස්ථාන් රෝයල්ස් පිල  ඕවර 20 කදී කඩුලූ 4 ට 131
(අජින්‍යා රහනේ 62, සංජු සැම්සන් 26, ස්ටීව් ස්මිත් 13, ස්ටුවට් බිනි නොදැවී 16, රවී බොපාරා 18/2)

048


අදහස් (0)

රාජස්ථාන් කඩුලූ 6 කින් ජයගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.