Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket රාජස්ථාන් පිල පෙරමුණට එයි

රාජස්ථාන් පිල පෙරමුණට එයි

ශනුක අරවින්ද - 2015 මැයි මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දීය ප‍්‍රිමියර් ලීග් (අයි.පී.එල්.) විස්සයි20 ක‍්‍රිකට් තරගාවලියේ 36 වැනි තරගය ලෙස රාජස්ථාන් රෝයල්ස් පිල සහ දිල්ලි ඩෙයාර්ඩෙවිල්ස් පිල අතර අද (03) පැවැති දිනයේ දෙවැනි තරගයෙන් රාජස්ථාන් ක‍්‍රීඩකයෝ ලකුණු 14 ක ජයක් ලැබීමට සමත් වූහ.

රාජස්ථාන් රෝයල්ස් පිල මෙම ජයග‍්‍රහණයත් සමග ප‍්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථානයට පැමිණියේය. රාජස්ථාන් පිල මේ වන විට තරග 11 කදී 6 ක් ජය ලබා ප‍්‍රසාද ලකුණු 14 ක් ලබා සිටියි. රාජස්ථාන් පිල තරග 3 ක් පරාජයට පත්ව ඇති අතර තරග දෙකක් විසදුමකින් තොරව අවසන් වී තිබේ.

ජයග‍්‍රහණය සදහා ලකුණු 190 ක ඉලක්කය හඹාගිය දිල්ලි පිලට  ඕවර 20 අවසානයේ කඩුලූ 7 ක් දැවී රැස්කළ හැකි වූයේ ලකුණු 175 ක් පමණි.

දිල්ලි පිලේ විදේශ තුන් ඉරියව් ක‍්‍රීඩකයකු වන ශ‍්‍රී ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස් පන්දු 17 කදී හතරේ පහර 2 ක් සමගින් ලකුණු 16 ක් රැස් කළේය.

ඇන්ජලෝ මැතිව්ස්, දිල්ලි පිලේ සාර්ථකම පන්දු යවන්නා බවට පත්වෙමින්  ඕවර හතරේදී ලකුණු 27 කට ෂේන් වොට්සන්ගේ කඩුල්ල දවා ගත්තේය.  

රාජස්ථාන් පිලේ ආරම්භක පිතිකරු අජින්‍යා රහනේ වේගවත් ඉනිමක් දියත් කරමින් පන්දු 54 කදී හයේ පහර 9 ක් සහ හයේ පහර 3 ක් සමගින් නොදැවී ලකුණු 91 ක් රැස්කරමින් තරගයේ වීරයා සම්මාන ලැබීය.

රාජස්ථාන් රෝයල්ස් පිල  ඕවර 20 කදී කඩුලූ 2 ට 189
(අජින්‍යා රහනේ නොදැවී 91, ෂේන් වොට්සන් 21, කරුන් නයිර් 61)

දිල්ලි ඩෙයාර්ඩෙවිල්ස් පිල  ඕවර 20 කදී කඩුලූ 7 ට 175
(ජේ. පී. ඩුමිනි 56, යුවරාජ් සිං 22, ඇන්ජලෝ මැතිව්ස් 16, සයුරබ් තිවාරි 28, ධාවල් කුල්කරනි 43/2, ස්ටුවට් බිනි 27/2, ජේම් ෆෝක්නර් 22/2)

-048

 


අදහස් (0)

රාජස්ථාන් පිල පෙරමුණට එයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.