Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංගගේ සේවය ලබාගැනීමට රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ කලමණාකාරීත්වය පියවර ගෙන තිබේ. ඒ අනුව මාලිංග වේග පන්දු යවන්නන්ගේ පුහුණුකරු ලෙස මෙවර තරගාවලියේදී රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමට එක් වීමට නියමිතය.
වසර ගණනාවක් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට ක්‍රීඩා කළ මාලිංග මෙම වසරේ ජනවාරි මාසයේදී ක්‍රීඩාවෙන් සමුගත්තේය. පෙබරවාරි මාසයේදී ඕස්ට්‍රේලියාවේ තරග සංචාරයක නිරත වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන්නන්ගේ පුහුණුකරු ලෙසද ඔහු කටයුතු කළේය. ඉන් පෙර අවස්ථා කිහිපයකදී මාලිංග මුම්බායි කණ්ඩයාමේ වේග පන්දු පුහුණු උපදේශකවරයකු ලෙසද සේවය කළේය.
“නැවතත් අයි.පී.එල්. තරගාවලිය සමග එක්වීමට ලැබීම මට ලොකු සතුටක්. ඒ සම්බන්ධයෙන් මම රාජස්ථාන් කණ්ඩායමට ස්තූතිවන්ත වෙනවා. රාජස්ථාන් රෝයල්ස් කියන්නේ හැමවිටම තරුණ ක්‍රීඩකයන්ගේ දක්ෂතා වර්ධනය කරන කණ්ඩායමක්. රාජස්ථාන් කණ්ඩායම සතුව දක්ෂ වේග පන්දු යවන්නන් රැසක් සිටිනවා. ඉදිරියේදී ඔවුන් සමග එකට වැඩ කරලා ඔවුන්ගේ දක්ෂතා ඔපමට්ටම් කිරීමට මම බලාපොරොත්තු වෙනවා.” යැයි සිය නව තනතුර සම්බන්ධයෙන් මාලිංග පැවසීය.
ඉකුත් වසරේදී (2021) රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු සහ ක්‍රිකට් අධ්‍යක්ෂ තනතුරුවලට පත්වූ කුමාර් සංගක්කාර මහතා මෙම වසරේදී ත් එම තනතුරුවල කටයුතු කිරීමට නියමිතය. එම තනතුරුවල තවදුරටත් කටයුතු කිරීමට ලැබීම සම්බන්ධයෙන් තමා සතුටට පත්වන බවත්, සෙසු කාර්යය මණ්ඩලය සමග එක්ව සැලසුම් කොට මෙවර අයි.පී.එල්. තරගාවලිය ජයගැනීම සඳහා රාජස්ථාන් කණ්ඩායම මෙහෙවන බවද සංගක්කාර මහතා කියා සිටියේය.
“ලසිත් කියන්නෙ විශිෂ්ඨ විසිසයි-20 වේගපන්දු යවන්නෙක්. ඔහු සතුව ඇති අත්දැකීම්වලින් සහ විශේෂඥ දැනුමෙන් අපේ කණ්ඩායමට විශාල ප්‍රයෝජනයක් ගත හැකි වේවි කියලා අපිට හිතෙනවා. අපේ සංචිතයේ දක්ෂ වේග පන්දු යවන්නන් කිහිප දෙනෙකු සිටිනවා.
ලසිත් සමග වැඩ කිරීම තුළින් ඔවුන්ට තවත් බොහෝ දේ ඉගෙනීමටත්, දක්ෂතා වැඩි දියුණු කරගැනීමටත් අවස්ථාව ලැබේවි කියලා අපි හිතනවා” යැයිද සංගක්කාර මහතා වැඩිදුරටත් පැවසීය.
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.