Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
පාසල් ක්රිකට් සංගමය සංවිධානය කරන වයස 19 න් පහළ අන්තර් පාසල් ක්රිකට් තරගාවලියේ III වැනි කොටසේ පළමු කාණ්ඩයේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට හංවැල්ල රාජසිංහ මැදි විදුහල සමත් විය.
කොට්ටේ ආනන්ද ශාස්ත්රාල ක්රීඩංගණයේදී පැවැති සිවුවැනි අර්ධ අවසන් පූර්ව තරගයේදී මතුගම ශාන්ත මේරි විදුහලට එරෙහිව ලකුණු 6 ක තියුණු ජයක් වාර්තා කරමින් රාජසිංහ මැදි විදුහල අවසන් පූර්ව වටයට පිවිසියේය.
පළමුවෙන් පන්දුවට පහරදුන් රාජසිංහ මැදි විදුහල ඕවර 42.1 අවසානයේ සියලූ දෙනා දැවී ලකුණු 97 ක් ලබා ගත්තේය. ජයග්රහණය සඳහා ලකුණු 98 ක ඉලක්කයක් හඹාගිය ශාන්ත මරියා විදුහල් කණ්ඩායම ඕවර 31.2 ක් අවසානයේ ලකුණු 91 කට සීමා කිරීමට ප්රවීන් මනීෂ ප්රමුඛ රාජසිංහ මැදි විදුහල් පන්දු යවන්නෝ සමත් වූහ.
අර්ධ අවසන් පූර්ව වටයේදී මිනුවන්ගොඩ නාලන්දා මැදි විදුහල පරාජය කරමින් හංවැල්ල රාජසිංහ මැදි විදුහල අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීය. ශාන්ත මේරි විදුහල අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබුවේ පෙර අර්ධ අවසන් පූර්ව වටයේදී කොළඹ කේරි විදුහල පරාජය කරමිනි.
රාජසිංහ මැදි විදුහල - ඕවර 42.1 කදී සියලූ දෙනා දැවී 97
(කවිඳු සිල්වා 06/2, හිරුෂාන් කවිඳු 14/2, කොවිඳු වික්රමසිංහ 28/2)
ශාන්ත මේරි විදුහල - ඕවර 31.2 කදී සියලූ දෙනා දැවී 91
(ප්රවීන් මනීෂ 18/4, ධනුක ලක්ෂාන් 02/2, ඉෂාන් පසිඳු 23/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.