Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
බලපිටිය රේවත විදුහල හා බලපිටිය සිද්ධාර්ථ විදුහල අතර 32 වැනි වරටත් සංවිධානය කෙරෙන මහ ක්‍රිකට් තරගය හෙට සහ අනිද්දා (23 සහ 24) බලපිටිය සිද්ධාර්ථ විදුහල් ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ.
වීර සටන යනුවෙන් හැඳින්වෙන මෙම තරගාවලියේ පසුගිය තරග 31 න් තරග 16 ක ජයග්‍රහණ හිමිකර ගැනීමට රේවත විදුහල සමත් වී තිබේ. එසේ වුවත් වීර සටන ජය ගැනීමට සිද්ධාර්ථ විද්‍යාලය මෙතෙක් සමත් වී නැත. අවසන් වරට පැවැති තරග හයම පිට පිටම ජය ගැනීමට රේවත විදුහල සමත් වීම කැපී පෙනේ.
රේවත විදුහලෙන් බිහිවූ සීක්කුගේ ප්‍රසන්න හා සිද්ධාර්ථ විදුහලෙන් බිහිවූ තිලාන් තුෂාර මිරැන්ඩෝ දෙවිදුහලෙන් මෙතෙක් බිහිවූ ජාතික මට්ටමේ ක්‍රිකට් ක්‍රීඩකයන් දෙදෙනකි.
පාසල් ක්‍රිකට් තරගාවලියේ II වැනි කාණ්ඩයෙන් තරග වදින රේවත විදුහල මෙවර තරගවාරයේ දී තරග 13 කට සහභාගි වී ඉන් තරග තුනක ජය හිමි කරගෙන තරග හතරක් පරාජයටත් පත්ව තිබේ. III වැනි කාණ්ඩයේ ක්‍රීඩා තරග යටතේ සිද්ධාර්ථ විදුහල මේ තරග වාරයේ දී මුහුණ දුන් තරග 10න් තුනක් ජය ගෙන තිබේ. තරග දෙකක් පරාජයට පත්ව සිටී.
මෙවර පැවැත්වෙන 32 වන වීර සටනේ දීත් සිය විදුහලට ජය වාර්තා කිරීමේ අටියෙන් රේවත විදුහල ද සිය විදුහලට මංගල ජයග්‍රහණය වාර්තා කිරීමේ අරමුණින් සිද්ධාර්ථ විදුහල ද තරග වදිති.
රේවත විදුහල් කණ්ඩායම
දෙවන පෙළ වමේ සිට |
සිද්ධාර්ථ විදුහල් කණ්ඩායම
ඉදිරි පෙළ වමේ සිට
දෙවන පෙළ වමේ සිට |
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.