Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියේ අවසන් වටයේ පිළිමළුන් පිටුදැකීමේ තරගය අද (24 වැනිදා) චෙන්නායිහි එම්.ඒ. චිදම්බරම් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර එහිදී ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායමට එරෙහිව මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම තරග බිමට පිවිසෙනු ඇත. මෙම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 7.30 ට ආරම්භ වීමට නියමිතය.
මූලික වටයේදී සහභාගි වූ තරග 14 න් 8 ක් ජයගනිමින් ලකුණු සටහනේ තෙවැනි වැනියා ලෙස ලෝකේෂ් රාහුල් නායකත්වය දරන ලක්නව් කණ්ඩායම අවසන් වටයට සුදුසුකම් ලබා ගත්තේය. රෝහිත් ශර්මා නායකත්වය දරන මුම්බායි කණ්ඩායම ලකුණු සටහනේ සිවුවැනියා ලෙස අවසන් වටයට පිවිසියේද මූලික වටයේදී සහභාගි වූ තරග 14 න් 8 ක් ජයගනිමිනි.
අද පැවැතිවෙන තරගයෙන් ජය ලබන කණ්ඩායම තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලබන අතර ඊයේ (23 වැනිදා) පැවැති පළමු අවසන් පූර්ව තරගයේ පරාජිතයන් එහිදී ඔවුන්ගේ ප්‍රතිවාදීන් බවට පත්වනු ඇත. එම තරගයෙන් ජය ලබන කණ්ඩායමට පළමු අවසන් පූර්ව තරගයේ ජයග්‍රාහකයන්ට එරෙහිව අවසන් මහ තරගයට ක්‍රීඩා කිරීමේ අවස්ථාව උදාවනු ඇත.
තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගය (26 වැනිදා) මෙන්ම අවසන් මහ තරගයද (28 වැනිදා) අහමදාබාද්හි නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට සංවිධායකයන් කටයුතු යොදා ඇත. අවසන් වටයට පිවිස සිටින කණ්ඩායම් අතරින් මුම්බායි කණ්ඩායම 5 වරක්ද, චෙන්නායි කණ්ඩායම 4 වරක්ද, ගුජරාට් කණ්ඩායම එක් වරක්ද අයි.පී.එල්. ශූරතාවට හිමිකම් කියා තිබේ.
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.