Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
මෙවර ඉන්දිය ප‍්‍රීමියර් ලීග් තරගාවලියට අලූතින් එක්වන ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම විසින් ඔවුන්ගේ කණ්ඩායම් ලාංඡනය එළිදක්වා ඇත. ලෝකේෂ් රාහුල්ගේ නායකත්වයෙන් යුත් ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම මින් පෙර ට්විටර් සමාජ මාධ්‍ය වෙත විවිධ ලාංඡන ප‍්‍රදර්ශනය කරමින් වීඩියෝ පළ කර තිබුණු අතර දැන් ඔවුන් එක් ලාංඡනයක් තෝරාගෙන ඇත.
”ශ්‍රේෂ්ඨත්වය කරා ඉහළට. ලක්නව් සුපර් ජයන්ට්ස් සිය පියාපත් දිගු කිරීමට සූදානම්. ශ්‍රේෂ්ඨත්වය සඳහා සූදානම් වන්න!” ලෙස නව ලාංඡන එළිදැක්වූ වීඩියෝවේ සිරස්තලය දැක්වීය. ඉන්දීය ධජයේ වර්ණ යොදාගනිමින් පියාපත් මධ්‍යයේ පිත්තක් සහ පන්දුවක් සහිතව මෙම ලාංඡනය නිර්මාණය කර ඇත.
ආර්.පී.එස්.ජී. සමාගම විසින් ලක්නව් සුපර් ජයන්ට්ස් පිලේ නම තෝරා ගැනීමේදී රසිකයන්ගේ මහජන අදහස් ලබා ගැනීමට තීරණය කළ අතර එහි හිමිකරු සංජීව් ගොයින්කා මහතා විසින් වීඩියෝ පණිවිඩයක් මගින් පසුගියදා කණ්ඩායම් නාමය ප‍්‍රසිද්ධ කරන ලදී.
”නාම් බනාං නාම් කමාං තරඟය සඳහා ඔබගේ අතිමහත් ප‍්‍රතිචාරයට බොහෝම ස්තූතියි. ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් ප‍්‍රතිචාර දැක්වූවා. ඒ මත පදනම්ව ලක්නව් කණ්ඩායමට නම තෝරා ගැනීමට හැකිවීම ගැන අපි ඉතා සතුටු වෙනවා” කණ්ඩායමේ නම හෙළි කරමින් ගොයින්කා මහතා සිය ට්විටර් පණිවිඩයේ සඳහන් කළේය.
”ඔබේ නිර්දේශ මත පදනම්ව අපි තෝරාගෙන ඇති නම ලක්නව් සුපර් ජයන්ට්ස්. ඔබගේ ප‍්‍රතිචාරයට සහ ආදරයට බොහෝම ස්තූතියි. අනාගතයේදීත් ඔබගේ ආශිර්වාදය අපට ලබා දෙන්න” යයි සංජීව් ගොයින්කා මහතා කියා තිබිණ. සංජීව් ගොයින්කා මහතාට අයත් ආර්.පී.එස්.ජී. සමාගම විසින් පසුගිය වසරේදී ඉන්දිය රුපියල් කෝටි 7090 කට ඉන්දීය ප‍්‍රීමියර් ලීග් තරගාවලියේ කණ්ඩායමක් මිලදී ගන්නා ලදී.
2022 අයි.පී.එල්. තරඟාවලියට එක්වන අනෙක් නව කණ්ඩායම අහමදාබාද් නගරය මූලික කරගත් කණ්ඩායමක් වන අතර ඉරේලියා පුද්ගලික සමාගම විසින් ඉන්දිය රුපියල් කෝටි 5635 කට එය මිලදී ගනු ලැබීය.
පසුගිය 21 වනදා ආර්.පී.එස්.ජී. සමාගම සමගින් ඉන්දිය ක‍්‍රීඩක ලෝකේෂ් රාහුල් ඉන්දීය රුපියල් කෝටි 17 කට ද, ඕස්ටේ‍්‍රලියානු තුන් ඉරියව් ක‍්‍රීඩක මාකස් ස්ටොයිනිස් ඉන්දිය රුපියල් කෝටි 9.2 කට සහ තවමත් ජාත්‍යන්තර වරම් හිමිකර ගෙනනැති පා දඟ පන්දු යවන ක‍්‍රීඩක රවී බිෂ්නෝයි ඉන්දීය රුපියල් කෝටි 4 කට ද ගිවිසුම් අත්සන් කරන ලදී.
හර්දික් පාණ්ඩ්‍යා සහ ඇෆ්ගනිස්ථානයේ සුපිරි දඟ පන්දු යවන ක‍්‍රීඩක රෂීඞ් ඛාන් ඉන්දිය රුපියල් කෝටි 15 බැගින් ද පිතිකරු ශුබ්මන් ගිල් රුපියල් කෝටි 7 බැගින් ද අහමදාබාද් කණ්ඩායම සමගින් ගිවිසුම් ගතවූ බව ක‍්‍රිකට් අධ්‍යක්ෂ වික‍්‍රම් සොලන්කි මහතා ස්ටාර් ස්පෝර්ට්ස් වෙත පවසා ඇත.
මේ මස 12 සහ 13 යන දිනවල බැංගලෝරයේ පැවැත්වීමට නියමිත කී‍්‍රඩක වෙන්දේසියේදී ඔවුන්ගේ ඉතිරි සංචිතය තෝරා ගනු ඇත.
මෙවර ඉන්දීය ප‍්‍රිමියර් ලීග් තරගාවලිය මාර්තු අවසන් සතියේ සිට මැයි අවසානය දක්වා පැවැත්වීමට නියමිතය.
- 2079
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.