Last Update  :  2025-03-20 21:32:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ලක්ෂාන් - දුමිඳු ගාල්ල පිල ඇදගෙන යති
නැෂනල් සුපර් ලීග්

ලක්ෂාන් - දුමිඳු ගාල්ල පිල ඇදගෙන යති

editorial - 2022 මාර් මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


(ශානුක අරවින්ද)
ගාල්ල කණ්ඩායම සහ දඹුල්ල කණ්ඩායම අතර රංගිරි දඹුල්ල ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් තරගාවලියේ 5 වැනි තරගයේ දෙවැනි දිනය (11 වැනිදා) නිමාවට පත්වන විට පළමු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදෙමින් සිටි ගාල්ල කණ්ඩායම කඩුලු 2 ක් දැවී ලකුණු 225 ක් ලබා දඹුල්ල කණ්ඩායමට වඩා ලකුණු 193 ක් පසුපසින් සිටියේය.

දෙවැනි දිනය සඳහා තරගය නරත කරන විට නායක ධනංජය ලක්ෂාන් හතරේ පහර 11 ක් සමග නොදැවී ලකුණු 93 ක්ද, හෂාන් දමිඳු හතරේ පහර 5 ක් සමග නොදැවී ලකුණු 59 ක්ද ලබා කඩුල්ලේ රැදී සිටියහ. ඒ වන විට ඔවුන් දෙදෙනා එක්ව ගාල්ල කණ්ඩායමේ තෙවැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනගා තිබූ නොබිඳුණ සම්බන්ධතාව ලකුණු 157 කි.

ගාල්ල කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් වූ සංගීත් කුරේ හතරේ පහර 5 ක් සමග ලකුණු 32 ක්ද, පබසර වඩුගේ හතරේ පහර 6 ක් සමග ලකුණු 34 ක්ද රැස්කළහ. අෂාන් ප්‍රියන්ජන්ගේ පන්දුවක් හමුවේ මිනෝද් භානුක අතට උඩ පන්දුවක් දෙමින් සංගීත්ද, මාලින්ද පුෂ්පකුමාරගේ පන්දුවක් හමුවේ රනුද සෝමරත්න අතට උඩ පන්දුවක් දෙමින් පබසරද දැවී ගියහ.  

පළමු දිනය වූ ඊයේ (10 වැනිදා) තරගය නතර කරන විට කඩුලු 5 ක් දැවී ලකුණු 332 ක් ලබා සිටි දඹුල්ල ක්‍රීඩකයෝ අද දිනයේදී සිය පළමු ඉනිමට තවත් ලකුණු 82 ක් එක්කර ගත්හ. ඊයේ තරගය නතර කරන විට ලකුණු 140 ක් ලබා සිටි මිනෝද් භානුක අද දිනයේදී ලකුණු 163 ක දවාගැනීමට චානක රුවන්සිරි සමත් විය.


දඹුල්ල පළමු ඉනිම - සියලු දෙනා දැවී 418
(නිමේෂ ගුණසිංහ 103, පවන්ත වීරසිංහ 29, මිනෝද් භානුක 163, ළහිරු සමරකෝන් 37, චානක රුවන්සිරි 62/4, අකිල ධනංජය 98/3)

ගාල්ල පළමු ඉනිම - කඩුලු 2 ක් දැවී 225
(සංගීත් කුරේ 32, පබසර වඩුගේ 34, හෂාන් දමිඳු නොදැවී 59, ධනංජය ලක්ෂාන් නොදැවී 93)

 


අදහස් (0)

ලක්ෂාන් - දුමිඳු ගාල්ල පිල ඇදගෙන යති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.