Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ලකුණු 250 ක් ගන්න සැලසුම් කළා - මැතිව්ස්

ලකුණු 250 ක් ගන්න සැලසුම් කළා - මැතිව්ස්

දිලිනි මල්රුක්ෂි - 2014 මාර් මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

තණතීරුව මන්දගාමි ස්වභාවයක් දැරීම හේතුවෙන් ලකුණු 250 ක ඉලක්කයක් ජයග‍්‍රහණයට ප‍්‍රමාණවත් බව සැලසුම් කරමින් පළමුව පන්දුවට පහරදීමට තීරණය කළ බව ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් නායක ඇන්ජලෝ මැතිව්ස් පවසයි.

ආසියානු කුසලාන තරගාවලියේදී ඇෆ්ගනිස්ථාන් කණ්ඩායම ලකුණු 129 කින් පරාජය කිරීමෙන් පසු පැවති මාධ්‍ය හමුවේදී මැතිව්ස් මෙසේ පැවසීය.

”ශ්රේ බංගලා ක‍්‍රීඩාංගණයේ තණතීරුව උදේ බැලූවහම අපි තීරණය කළා එය මන්දගාමී තණතීරුවක් බව. ඒ නිසා ලකුණු 250 ක ඉලක්කයක් ජයග‍්‍රහණයට ප‍්‍රමාණවත් බව සිතේ තබාගෙන අපි පිතිහරඹයේ නියැලූනා”

”ඒ නිසා වැඩි ලකුණු සංඛ්‍යාවක් ලබාගැනීමේ අවදානමක් ගත්තෙ නැහැ.

”ඇෆ්ගනිස්ථාන් පන්දු යවන්නෝ හොඳින් පන්දු යවන බව අපි දැනගෙනහිටියා. තරගයට පෙර ඔවුන් පන්දු යවන වීඩියෝ දර්ශන නරඹල අපි අවබෝධයක් ලබාගෙන තරග කළා”යයිද මැතිව්ස් පැවසීය.

ඇෆ්ගනිස්තාන් පිතිකරුවන්ද අවතක්සේරුවට ලක් නොකර පන්දු යැවීම හේතුවෙන් තරගය ඉක්මනින් ජය ගැනීමට හැකි වූ බව පවසන මැතිව්ස් බංග්ලාදේශය තරගයට පෙර ඒ සඳහා නිසි සැලසුම් සකස් කරන බවද පැවසීය.

025


අදහස් (0)

ලකුණු 250 ක් ගන්න සැලසුම් කළා - මැතිව්ස්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.