Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
මුල් ඉනිම අසාර්ථක වීම හේතුවෙන් බරපතළ අමාරුවක වැටුණු ශ්‍රී ලංකා කණ්ඩායම එංගලන්ත ලයන්ස් පිලට එරෙහිව වූස්ටර්හිදී පැවැත්වෙන තරගයේ පරාජය කරා තල්ලු වෙමින් සිටී. දෙවැනි ඉනිමේදී ලකුණු 306 ක් ලබාගත් නමුත් මුල් ඉනිමේදී ලයන්ස් පිල ලබාගත් ලකුණු 185 ක වාසිය හේතුවෙන් තරගයෙන් ජයගැනීම සඳහා ඔවුන්ගේ ඉලක්කය වූයේ ලකුණු 122 කි.
සිව්දින තරගයක් වන නමුත් තරගයේ තුන්වැනි දිනය වූ අද (16 වැනිදා) සවස ක්‍රීඩාව නතර කරන විට එංගලන්ත ලයන්ස් පිතිකරුවෝ කඩුලු 2 කට ලකුණු 47 ක් ලබා සිටියහ. තරගයේ සම්පූර්ණ දිනයක්ම ඉතිරිව තිබෙන අතර එංගලන්ත ලයන්ස් පිලට අවශ්‍ය වන්නේ තවත් ලකුණු 75 ක් පමණි.
ශ්‍රී ලංකා දෙවැනි ඉනිමේදී ලකුණු අතරට පැමිණි නිශාන් මධුෂ්ක (77), ඇන්ජලෝ මැතිව්ස් (51) සහ ධනංජය ද සිල්වා (66) අර්ධ ශතක ලබාගත්හ. ලකුණු සංඛ්‍යාව 144 ක්ව තිබියදී සිව්වැනි කඩුල්ලත් බිඳ වැටුණ නමුත් නායක ධනංජය ද සිල්වා සිය පසුපෙළ පිතිකරුවන් හා එක්ව ලකුණු සංඛ්‍යාව 300 කඩඉමෙන් එපිටට තල්ලු කළේය. එහිදී පස්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 69 ක සම්බන්ධතාවක් ගොඩනැංවීමට ඇන්ජලෝ මැතිව්ස්ගෙන් ධනංජයට හොඳ සහයෝගයක් ලැබිණ.
ශ්‍රී ලංකාව - පළමු ඉනිම 139 යි
එංගලන්ත ලයන්ස් - පළමු ඉනිම 324
ශ්‍රී ලංකාව - දෙවැනි ඉනිම 306 යි
(නිශාන් මධුෂ්ක 77, දිමුත් කරුණාරත්න 43, ඇන්ජලෝ මැතිව්ස් 51, ධනංජය ද සිල්වා 66, සධීර සමරවික්‍රම 25, මිලාන් රත්නායක 10, ජොස් හල් 44/2, සමාන් අක්තාර් 59/2, ලින්ඩන් ජේම්ස් 34/2, ෆර්හාන් අහමඞ් 87/3)
එංගලන්ත ලයන්ස් - දෙවැනි ඉනිම කඩුලු 2 ට 47 යි
(රොබට් යේට්ස් නොදැවී 17, බෙන් මැකිනි 20, ධනංජය ද සිල්වා 13/2)
- 213
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.