Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අන්තර් පාසල් වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ මහනුවර විද්‍යාර්ථ විදුහල සහ වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල අතර ලයිසියම් ජාත්‍යන්තර පාසල් ක්‍රීඩාංගණයේදී පැවැති II කාණ්ඩයේ තරගයෙන් කඩුලු 7 ක ජයක් අත්කර ගැනීමට ලයිසියම් ජාත්‍යන්තර පාසල සමත් විය.
එහිදී ලයිසියම් ජාත්‍යන්තර පාසලේ හංසජ බණ්ඩාර ලකුණු 15 කට කඩුලු 3 ක්ද, ජයතු චතුරංග සහ ජනිත් තරුෂාන් කඩුලු 2 බැගින්ද දවාගනිමින් විද්‍යාර්ථ විදුහල අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා කළහ.
විද්‍යාර්ථ විදුහල - ඕවර 44 කදී සියලු දෙනා දැවී 106
(සහන් චන්ද්‍රසිරි 41, ශාමල් ප්‍රියදර්ශන 25, හංසජ බණ්ඩාර 15/3, ජයතු චතුරංග 12/2, ජනිත් තරුෂාන් 23/2)
ලයිසියම් ජාත්‍යන්තර පාසල - ඕවර 31.3 කදී කඩුලු 3 ක් දැවී 107
(හංසජ බණ්ඩාර 36, ජෙරන් ප්‍රනාන්දු නොදැවී 29, පසිඳු පෙරේරා නොදැවී 21, ශාමල් ප්‍රියදර්ශන 27/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.