Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දීය ප්‍රිමියර් ලීග් ශූරයන් වන සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම ලබන වසරේ පැවැත්වෙන අයි.පී.එල් තරගාවලියට සුදානම්වීමේ අරමුණින් බ්‍රයන් ලාරා සහ ඩේල් ස්ටේන් ඇතුළුව හතර දෙනෙකු ඔවුන්ගේ පුහුණු කාර්ය මණ්ඩලයට එක්කර ඇත.
හිටපු බටහිර ඉන්දීය කොදෙව් නායක බ්‍රයන් ලාරා මහතා පිතිහරඹ පුහුණුකරු ලෙස පත් කර ඇති අතර ඔහු 2016 ජයග්‍රාහි කණ්ඩායමේ උපදේශකයෙකු ලෙසද කටයුතු කර ඇත. හිටපු දකුණු අප්‍රිකා වේග පන්දු යවන ක්‍රීඩක ඩේල් ස්ටේන් මහතා ඉදිරි තරග වාරය සඳහා සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමේ වේග පන්දු පුහුණුකරු ලෙස කටයුතු කරනු ඇත.
හිටපු ඉන්දීය පිතිකරු හේමන්ග් බදානි මහතා පන්දු රැකීමේ පුහුණුකරු ලෙස නම් කර ඇති අතර හිටපු ඕස්ට්‍රේලියානු ආරම්භක පිතිකරු සයිමන් කැටිච් මහතා සහය පුහුණුකරු ලෙස කටයුතු කරනු ඇත.
සහය කාර්ය මණ්ඩලයට අලුතින් බඳවා ගත් සියලුම දෙනා ප්‍රධාන පුහුණුකරු ටොම් මූඩි මහතා යටතේ සේවය කරනු ඇති අතර මුත්තයියා මුරලිදරන් මහතා දඟ පන්දු යැවීමේ පුහුණුකරු ලෙස දිගටම කටයුතු කරනු ඇත.
ක්‍රිකට් අධ්‍යක්‍ෂ ලෙස කටයුතු කළ ටොම් මූඩි මහතා නැවතත් ප්‍රධාන පුහුණුකරු ලෙස පත්කර ඇත. ඉන්දීය ජාතික ක්‍රිකට් ඇකඩමියේ අධ්‍යක්ෂවරයා ලෙස පත් කිරීමෙන් පසුව සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමේ උපදේශකයකු ලෙස කටයුතු කළ වී.වී.එස්. ලක්ෂ්මන් මහතා ඉන් ඉවත්වී ඇත.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.