Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඕස්ට්‍රේලියාව සහ දකුණු අප්‍රිකාව අතර බ්ලොයෙම්ෆොන්ටේන්හිදී පැවැති පළමු එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගයෙන් කඩුලු 3 ක ජයක් වාර්තා කිරීමට ඕස්ට්‍රේලියාව සමත් විය. මෙම ජයත් සමග දෙරට අතර පැවැත්වෙන තරග 5 කින් සමන්විත එක්දින තරගාවලිය 1-0 ක් ලෙස පෙරමුණ ගැනීමටද ඕස්ට්‍රේලියානුවෝ සමත් වූහ.
ජයග්‍රහණය සඳහා ලකුණු 223 ක ඉලක්කයක් හඹාගිය ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයෝ ඕවර 40.2 කඩුලු 7 ක් දැවී ඉලක්කය සපුරාගත්හ. අතිරේක පිතිකරුවකු ලෙස කණ්ඩායමට එක්ව පන්දු 93 කදී හතරේ පහර 8 ක් සමග නොදැවී ලකුණු 80 ක් රැස්කළ මානස් ලැබුෂේන් ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කළේය.
ලකුණු 113 කට කඩුලු 7 ක් බිඳවැටුණු අවස්ථාව්දී ඇෂ්ටන් ඒගර් (නොදැවී 48) සමග එක්ව 8 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 145 කදී ලකුණු 112 ක නොබිඳුණ සම්බන්ධතාවක් ගොඩනැගීමටද ලැබුෂේන් සමත් විය. පන්දු 69 කට මුහුණදුන් ඒගර් හයේ පහරකින් සහ හතරේ පහර 3 කින් සිය අර්ධ ශතකය සැරසුවේය.
පළමුවෙන් පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකාව ඕවර 49 ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 222 ක් ලබාගත් අතර දකුණු අප්‍රිකානු ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ නායක ටෙම්බා බවුමා හයේ පහරක් සහ හතරේ පහර 14 ක් සමග පන්දු 142 කින් නොදැවී ලකුණු 114 ක් රැස්කළේය. එය ඔහුගේ 5 වැනි එක්දින ශතකය විය.
දකුණු අප්‍රිකාව - ඕවර 49 කදී සියලු දෙනා දැවී 222
(ටෙම්බා බවුමා 114, ඒඩ්න් මාක්‍රම් 19, හෙන්රිච් ක්ලාසන් 14, මාකෝ ජැන්සන් 32, ජොස් හෙසල්වුඩ් 41/3, මාකස් ස්ටොයිනිස් 20/2)
ඕස්ට්‍රේලියාව - ඕවර 40.2 කදී කඩුලු 7 ක් දැවී 225
(ට්‍රැවීස් හෙඩ් 33, මිචෙල් මාෂ් 17, මාකස් ස්ටොයිනිස් 17, මානස් ලැබුෂේන් නොදැවී 80, ඇෂ්ටන් ඒගර් නොදැවී 48, ජෙරල්ඩ් කොයෙට්සර් 44/2, කගිසෝ රබාඩා 48/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.