Last Update  :  2025-04-10 14:37:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ලිවිංග්ස්ටන් ඇඟිල්ල තුවාලකරගනී

ලිවිංග්ස්ටන් ඇඟිල්ල තුවාලකරගනී

editorial - 2021 ඔක් මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

19 වැනිදා (රොයිටර්)

ඉන්දියාව සමගින් පැවැති පුහුණු තරගයේදී ඇඟිල්ල තුවාල කරගත් එංගලන්ත තුන් ඉරියව් ක්‍රීඩක ලයාම් ලිවිංග්ස්ටන්ට ලෝක කුසලාන තරගාවලියේ පළමු තරගය අහිමි වීමේ අවදානමක් පවතින බව වාර්තා වේ. මෙම තත්ත්වය අනුව ලෝක කුසලාන තරගාවලියේ ප්‍රධාන කොටස ආරම්භ වන ලබන ඉරිදා (23 වැනිදා) එංගලන්තය සහ කොදෙව් පිල අතර පවතින තරගයට ලයාම් ලිවිංස්ග්ටන්ට සහභාගි විය හැකිද නැද්ද යන්න අවිනිශ්චිත තත්ත්වයක පවතී. 

උඩපන්දුවක් රැකගැනීමට ගත් උත්සාහයේදී උඩපන්දුව ගිළීහී ගියත් ලිවිංග්ස්ටන්ගේ වම් අතේ සුළැඟිල්ල තුවාල විය. එංගලන්ත පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ් මහතා විසින් ලයාම් ලිවිංග්ස්ටන් කණ්ඩායමට එකතුකරගන්නා ලද්දේ බෙන් ස්ටෝක්ස්ගෙන් හිස්වූ ස්ථානය සඳහාය. 

එංගලන්තය මේ වන විට විස්සයි-20 ශ්‍රේණිගත කිරීම් අනුව අංක 1 ස්ථානය හිමි කණ්ඩායම වන අතර කොදෙව් පිල විස්සයි-20 ලෝක කුසලානයේ වත්මන් හිමිකරුවෝ වෙති. 

එංගලන්තය සහ ඉන්දියාව අතර පැවැති පුහුණු තරගයේදී එංගලන්තය කඩුලු 7 ක දරුණු පරාජයක් ලැබීය. ලෝක කුසලාන ප්‍රධාන තරගාලියට  පිවිසීමට පෙර, එංගලන්තයට තවත් පුහුණු තරගයක් තිබේ. එය නවසීලන්තයට එරෙහිව හෙට (20 වැනිදා) පවැත්වෙන්නකි. 

- 213

 


අදහස් (0)

ලිවිංග්ස්ටන් ඇඟිල්ල තුවාලකරගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.