Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දීය සුපිරි පිතිකරු සචින් තෙන්ඩුල්කාර් එළඹෙන ලෙජන්ඞ්ස් ලීග් ක‍්‍රිකට් තරගාවලියට සහභාගී නොවන බව එස්.ආර්.ටී. ක‍්‍රීඩා කළමණාකාර සමාගම ඊයේ (8 වැනිදා) තහවුරු කළේය.
විශ‍්‍රාමික ක‍්‍රීඩකයන් සහභාගීවන ලෙජන්ඞ්ස් ලීග් ක‍්‍රිකට් තරගාවලියට කණ්ඩායම් 3 ක් ඇතුළත් වේ. ලෙජන්ඞ්ස් ලීග් ක‍්‍රිකට් තරගාවලිය මේ මස 18 වැනිදා සිට 30 වැනිදා දක්වා ඕමානයේ අල් අමෙරාත් ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී පැවැත්වේ.
තරගාවලිය සඳහා එක්වන ඉන්දීය සංචිතය පසුගියදා ප‍්‍රකාශයට පත් කළ අතර හිටපු ඉන්දීය නායක සහ හිටපු ප‍්‍රධාන පුහුණුකරු රවී ශාස්ත‍්‍රි ලෙජන්ඞ්ස් ලීග් ක‍්‍රිකට් තරගාවලියේ කොමසාරිස්වරයා ලෙස කටයුතු කරනු ලැබේ.
බොලිවුඞ් නළු අමිතාබ් බච්චන් ඇතුළත් ට්විටර් වීඩියෝවක් මෑතකදී ඉවත් කළ අතර, එහිදී ඉන්දීය සංචිතයට සචින් තෙන්ඩුල්කාර් ද ඇතුළත් බව පෙන්නුම් කළේය.
”එම විඩියෝවේ සඳහන් පරිදි සචින් තෙන්ඩිල්කාර් ලෙජන්ඞ්ස් ලීග් ක‍්‍රිකට් තරගාවලියට සහභාගී වීම පිළිබඳ පුවත සත්‍ය නොවේ. සංවිධායකයින් විසින් ක‍්‍රිකට් ලෝලීන් සහ අමිතාබ් බච්චන් මහතා නොමග යැවීමෙන් වැළකිය යුතුයි” යැයි එස්.ආර්.ටී. ක‍්‍රීඩා කළමණාකාර සමාගම නිල ට්විටර් සටහනක් තබා තිබුණි.
යුවරාජ් සිං, විරේන්ද්‍ර ෂෙවාග්, හර්බජාන් සිං සහ පතාන් සහෝදරයන් වන ඉර්ෆාන් සහ යූසුෆ් විසින් ඉන්දීය කණ්ඩායම නියෝජනය කරනු ඇත.
ෂොයිබ් අක්තාර්, ෂහීඞ් අෆ්රිඩි, අසාර් මහමුද්, සනත් ජයසූරිය, නුවන් කුලසේකර, චමින්ද වාස්, රොමේෂ් කළුවිතාරණ, තිලකරත්න ඩිල්ෂාන්, උපුල් තරංග ඇතුළු හිටපු පාකිස්තානු සහ ශ්‍රී ලංකා ක‍්‍රීඩකයන්ගෙන් සමන්විත ආසියා ලයන්ස් කණ්ඩායම ප‍්‍රකාශයට පත් කිරීමට ලෙජන්ඞ්ස් ලීග් ක‍්‍රිකට් තරගාවලි සංවිධායකයන් මින් පෙර කටයුතු කළේය.
-2079
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.