Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ලෙජන්ඩ්ස්ලා ජාතික පිල හමුවෙති

ලෙජන්ඩ්ස්ලා ජාතික පිල හමුවෙති

editorial - 2021 මාර් මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වර්තමාන ජාතික ක්‍රිකට් කණ්ඩායම සහ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින්ගෙන් සමන්විත ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම අතර සමාජ සත්කාර ක්‍රිකට් තරගයක් අප්‍රේල් මාසයේදී පැවැත්වීමට යෝජනා කර තිබේ. 

මෙම තරගය පිළිබඳව සාකච්ඡා පැවැත්වෙමින් පවතින බවත්, එය කොවිඩ්-19 අරමුදල සඳහා මුදල් රැස් කිරීමේ අරමුණින් පැවැත්වෙන බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වෛද්‍ය කාර්ය්‍ය මණ්ඩලයේ සභාපති මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා පැවසීය. යෝජිත මෙම තරගය විස්සයි-20 තරගයක් ලෙස කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව ඇත.

වත්මන් විස්සයි-20 ජාතික කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානක කටයුතු කරන අතර ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම සඳහා නායකයකු තවම තීරණය කර නොමැත. නමුත් හිටපු ක්‍රිකට් ක්‍රීඩක තිලකරත්න ඩිල්ෂාන් මේ වන විට ඉන්දියාවේ පැවැත්වෙන “රෝඩ් සේෆ්ටි වර්ල්ඩ් සිරීස්”තරගාවලියේදී ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායමේ නායකත්වය දරයි. 

ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන මෙම විස්සයි-20 තරගය නැරඹීම සඳහා ක්‍රීඩාංගණයට ඇතුළු කළ හැකි සංඛ්‍යාවෙන් 50% ක පමණ  ප්‍රේක්ෂක පිරිසකට ක්‍රීඩාංගණයට පැමිණීමට අවස්ථාව ලබා දීමටද යෝජනා කර තිබේ. 

වත්මන් ජාතික කණ්ඩායම සහ ශ්‍රී ලංකා ලෙජන්ඩ් කණ්ඩායම අතර විස්සයි20 ක්‍රිකට් තරගයක් පැවැත්වීමට ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා විසින් මෑතකදී යෝජනා කිරීමෙන් පසුව මෙම කටයුතු සිදු කෙරෙමින් පවතී.

- 2079


අදහස් (0)

ලෙජන්ඩ්ස්ලා ජාතික පිල හමුවෙති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.