Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ මතුගම ආනන්ද සාස්ත්‍රාලය සහ මීගමුව ලොයෙලා විදුහල අතර මතුගම මහජන ක්‍රීඩාංගණයේදී පැවැති III කාණ්ඩයේ තරගයෙන් කඩුලු 3 ක ජයක් අත්කර ගැනීමට ලොයෙලා විදුහල සමත් විය.
එහිදී ලොයෙලා විදුහලේ සංජන යන්සෙන් (53) සහ හංසජ විශ්වජිත් (53) අර්ධ ශතක ලාබාගැනීමට සමත් වූ අතර එම විදුහලේම හෂේන් ලලින්ද්‍ර 116 කට කඩුලු 8 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.
ආනන්ද සාස්ත්‍රාල පළමු ඉනිම - ඕවර 36.1 කදී සියලු දෙනා දැවී 156
(චමෝත් රොද්‍රිගු 65, මධුර සමරසිංහ 24, හෂේන් ලලින්ද්‍ර 59/3, තරිඳු සඳරුවන් 13/2, ශම්මි නෝනිස් 20/2)
ලොයෙලා විදුහල් පළමු ඉනිම - ඕවර 45.1 කදී සියලු දෙනා දැවී 160
(සංජන යන්සෙන් 53, බ්‍රෙන්ඩන් ප්‍රනාන්දු 26, පසිදු භාෂණ 32/4, කවිදු තීක්ෂණ 20/3 යසිරු දිල්හාර 14/2)
ආනන්ද සාස්ත්‍රාල දෙවැනි ඉනිම - ඕවර 39.1 කදී සියලු දෙනා දැවී 143
(පසිඳු භාෂණ 30, කුෂාන් චන්දිම 25, යසිරු දිල්හාර 20, හෂේන් ලලින්ද්‍ර 57/5, තරිඳු සඳරුවන් 08/4)
ලොයෙලා විදුහල් දෙවැනි ඉනිම - ඕවර 38.5 කදී කඩුලු 7 ක් දැවී 142
(හංසජ විශ්වජිත් 53, බ්‍රෙන්ඩන් ප්‍රනාන්දු 33, ඔෂාන් චන්දුල 23/3, කවිඳු තීක්ෂණ 54/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.