Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
එළඹෙන ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියෙන් පසුව තමා එක්දින ජාත්‍යන්තර තරගවලින් සමුගන්නා බව පාකිස්තාන පිලේ සිටින ජ්‍යෙෂ්ඨතම තුන් ඉරියව් කී‍්‍රඩකයා වන සහීඞ් අෆ්රිඩි පවසයි.
කෙසේවුවත් ලෝක කුසලාන තරගාවලියෙන් පසුවද තවදුරටත් තමා නායකත්වය දරණ විස්සයි20 කණ්ඩායම නියෝජනය කිරීමට බලාපොරොත්තුවෙන් සිටින බවද ඔහු කියා සිටියි.
පාකිස්තාන එක්දින පිලේ නිත්‍ය නායක මිස්බා උල් හක් ආබාධයකට ලක් වීම නිසා ඉකුත්දා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී නවසීලන්තයට එරෙහිව පැවැති එක්දින තරගාවලියේදී පාකිස්තාන පිල මෙහෙයවීමේ අවස්ථාව අෆ්රිඩිට හිමිවිය. එහිදී ඔහු තුන් ඉරියව් දස්කම් ප‍්‍රදර්ශනය කරමින් ලකුණු 205 ක් සහ කඩුලූ 8 ක් ලබාගත්තේය.
1996 වසරේදී ශ්‍රී ලංකාවට එරෙහිව තම මංගල තරගයට සහභාගී වූ අෆ්රිඩි, මේ වන විට එක්දින ජාත්‍යන්තර තරග 389 කට සහභාගී වී ලකුණු 7870 ක් රැස්කරගෙන ඇති අතර දවාගෙන ඇති කඩුලූ සංඛ්‍යාව 391 කි. එක්දින පිටියේ කී‍්‍රඩකයකු වාර්තා කර ඇති වැඩිම හයේ පහර සංඛ්‍යාවේ හිමිකරුවා වන්නේද අෆ්රිඩිය.
මේ වන විට 35 වැනි වියේ පසුවන අෆ්රිඩි, 2010 වසරේදී ටෙස්ට් කි‍්‍රකට් කී‍්‍රඩාවෙන් සමුගත්තේය. ඉන් පසුව 2011 වසරේ පැවති එක්දින ලෝක කුසලාන තරගාවලියේදී පාකිස්තාන පිල මෙහෙයවූ ඔහු තම කණ්ඩායම එහි අවසන් පූර්ව වටය කරා රැුගෙන ගියේය.
036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.