Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ තෙවැනි කොටසේ පෙර අර්ධ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබාගැනීමට ගාල්ල විද්‍යාලෝක විද්‍යාලය පසුගියදා සමත්විය.
ගාල්ල මහින්ද විද්‍යාලීය ක්‍රීඩාංගණයේදී පැවැති පෙර අර්ධ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබාගැනීමේ තරගයකදී මහරගම ජනාධිපති විද්‍යාලයට එරෙහිව කඩුලු 5 ක ජයක් ලබාගැනීමට විද්‍යාලෝක විද්‍යාලය සමත්විය.
නදීර ඉෂාන් දෙවැනි ඉනිමේදී ලබාගත් කඩුලු 5 ත් සමගින් ලකුණු 108 කට කඩුලු 8 ක් සහ සංජු ලක්ෂාන් පළමු ඉනිමේදී කඩුලු 5 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.
ජනාධිපති විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 29.1 කදී සියලුදෙනා දැවී ලකුණු 85
(සසිඳු ලෝචන 20, සංජු ලක්ෂාන් 20/5, නදීර ඉෂාන් 33/3)
විද්‍යාලෝක විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 68.1 කදී සියලුදෙනා දැවී ලකුණු 152
(සංජු ලක්ෂාන් 38, රමුදිත තිසල් 35, සෙනිත් ප්‍රවීන් 24, තරිඳු ධනංජය 58/4, නිපුන් ප්‍රමෝද 35/3, චතුරංග දේවින්ද 10/2)
ජනාධිපති විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 49.1 කදී සියලුදෙනා දැවී ලකුණු 185
(චතුරංග දේවින්ද 56, තරිඳු ඩිලාන් 30, පසිඳු ලෝචන 20, නදීර ඉෂාන් 75/5, හංසක කමෝෂ් 25/3, සෙනිත් ප්‍රවීන් 21/2)
විද්‍යාලෝක විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 40.1 කදී කඩුලු 5 ක් දැවී ලකුණු 119
(චමුදිත නිසල් නොදැවී 50, හසංජන කමෝද් නොදැවී 20, චංදීප කුමාරසිංහ 21/3)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.